HNB අඛණ්ඩව හය වැනි වසරටත් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ශේ‍ර්ණිගත වෙයි

0
26

ලොව වඩාත් සාර්ථකම හා ස්ථාවර බැංකුවක් ලෙස සිය කීර්ති නාමය තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී   ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව එක්සත් රාජධානියේ කීර්තිමත් ද බෑන්කර් සඟරාව විසින් අඛණ්ඩව හය වැනි වරටත් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ශේ‍ර්ණිගත කර ඇත.

ද බෑන්කර් සඟරාව යනු 1926 සිට ජාත්‍යන්තර මට්ටමේ මූල්‍ය තොරතුරු සපයන බැංකුකරණය හා මූල්‍ය පිළිබඳව ලෝකයේ ප්‍රමුඛතම තොරතුරු මූලාශ්‍රය වේ. 1970 සිට ද බෑන්කර් සඟරාව සිදු කරනු ලබන ලෝකයේ හොඳම බැංකු 1000 ශේ‍ර්ණිගත කිරීම මෙම ක්ෂේත්‍රයේ මිණුම් දණ්ඩක් ලෙස සැලකෙන අතර එමඟින් බැංකු ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය හා මූල්‍ය ශක්තිය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාදෙයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරි ජොනතන් අලස් මහතා පැවැසුවේ ‘ලොව පුරා මෑතකාලීනව සිදු වූ ආර්ථික අර්බුද හේතුවෙන් රජයන් සහ මූල්‍ය ආයතන දැඩි අසීරු තත්ත්වයකට පත් කර නව අභියෝගවලට මුහුණදීමට ඔවුන්ට බලකර සිටිනවා. එපමණක් නොව ශ්‍රී  ලංකාවේ මේ වනවිට පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙම අභියෝග දේශීය මූල්‍ය ආයතනවල ශක්තිය ඉතා දැඩි ලෙස පරීක්ෂා කර තිබෙනවා. මෙවැනි පසුබිමක් තුළ HNB හොඳම ගෝලීය බැංකු 1,000 අතරට ශේ‍ර්ණිගත වීම ඇත්තෙන්ම අපගේ ශක්තිය සහ ස්ථාවරත්වය පිළිබඳ කදිම සාක්ෂියක්. ඒ වගේම එය පාරිභෝගිකයන්ට සහ රට නැවත දෙපයින් නැඟීසිටීමට මෙන්ම නැවත ගොඩනැඟීමට සහාය දැක්වීමේ අපගේ උත්සාහය තවදුරටත් තහවුරු කරනවා” යනුවෙනි.

තවද මෑතකදී පාරිභෝගික බැංකුකරණයේ ශ්‍රී   ලංකාවේ ප්‍රමුඛයා ලෙස නැවතත් සිය විශිෂ්ටත්වය සනිටුහන් කරමින් ඒෂියන් බෑන්කර් සඟරාව විසින් පැවැත්වූ 2022 කීර්තිමත් ජාත්‍යන්තර පාරිභෝගික මූල්‍ය සේවා සම්මාන උළෙලේදී 12 වැනි වරටත් ශ්‍රී  ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් HNB අභිසෙස් ලැබීය.

අර්බුද හමුවේ සිය විශිෂ්ටත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව මැනවින් පෙන්නුම් කරමින් පාරිභෝගිකයන්ට දුරස්ථව ගනුදෙනු කිරීමට පහසු, පරිපූර්ණ සහ ආරක්ෂිත විකල්පයන් සපයනු ලබන ඩිජිටල් හැකියාව සහිත සේවා සැපැයීමේ සිය අධිෂ්ඨානශීලී ගමන්මඟේ බැංකුව අඛණ්ඩව ප්‍රගතියක් ලබා තිබේ. මේ වසරේදී බැංකුව විසින් දියත් කළ අතිසාර්ථක බැංකු මූල්‍ය නිෂ්පාදනයක් වන HNB FIT, Asian Digital Finance Forum and Awards හිදී ‘විශිෂ්ටතම ධ්ධඊ මුලපිරීම’ ලෙස ඇගයීමට ලක්විය. Asian FinTech Academy (AFTA) විසින් සත්කාරකත්වය සපයනු ලබන මෙම සම්මාන උළෙල ඩිජිටල්කරණය තුළ නවෝත්පාදනයන් හ¾දුන්වාදෙන සංවිධාන සහ බලපෑම්කාරි පුද්ගලයන් හ¾දුනාගෙන ඇගයීමට ලක්කරනු ලබයි.

තවද HNB 2021 ජාත්‍යන්තර මූල්‍ය සඟරා සම්මාන උළෙලේදී ‘විශිෂ්ටතම පාරිභෝගික බැංකුව‘ සහ ‘විශිෂ්ටතම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) බැංකුව‘ යන සම්මාන හිමි කරගැනීමට සමත් වූ අතර අඛණ්ඩව සිවු වැනි වරටත් ශ්‍රී  ලංකාවේ වඩාත්ම ගෞරවනීය සමාගම් 10 අතරට තේරී පත් වී ඇත.

මෙරට ගෙවීම් තාක්ෂණ නවෝත්පාදන අංශයේ ප්‍රමුඛයන් සම්මානයට පාත්‍ර කිරීම සඳහා පැවැති 2022 Lanka Pay Technnovation සම්මාන උළෙලේදී සම්මාන හතරක් දිනා ගනිමින් සිය විශිෂ්ටත්වය නැවතත් පෙන්නුම් කිරීමට HNB සමත් විය. පාරිභෝගික පහසුව සඳහා වන වසරේ විශිෂ්ටතම බැංකුව සහ මූල්‍ය ඇතුළත් කිරීම් සඳහා වන කාණ්ඩයේ වසරේ බැංකුව සඳහා වන රන් සම්මාන දිනා ගැනීමට අමතරව ‘විශිෂ්ටතම ඩිජිටල් ගෙවීම් උපායමාර්ගය සඳහා වසරේ මූල්‍ය ආයතනය’ සඳහා වන රිදී සම්මානය ද, මෙම වසරේ ‘අන්තර් බැංකු ඩිජිටල් ගෙවීම්වල විශිෂ්ටත්වය (බැංකු ආයතන) – සමස්ත සම්මානය’ සඳහා ලෝකඩ සම්මානය ද දිනා ගැනීමට HNB සමත් වීම මෙහිදී විශේෂයෙන් කැපී පෙනිණි.