හච්, “ස්මාර්ට් සැන්ඩි” ඇප් සමඟ ඉහළම ඩිජිටල් වෙළෙඳ අත්දැකීමක්

0
17

ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් වර්ධනය වන ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයුම්කරු වන හච්, සාම්ප්‍රදායික සිල්ලර වෙළෙඳාම, ඩිජිටල් සිල්ලර වෙළෙඳාමේ නවමු මානයකට රැගෙන යමින් වැඩිදියුණු කරන ලද, “ස්මාර්ට් සැන්ඩි” ඇප් පසුගියදා හ¾දුන්වාදෙන ලදී.

මෙම නවතම යෙදුම සමඟ, හච් වෙළෙඳ මහතුන් හට නව සිම්පත් අලෙවි කිරීම සඳහා ඡායා පිටපත් යන්ත්‍ර හෝ ස්කෑනර් වැනි මිල අධික උපාංගවල ආයෝජනය කිරීම අවශ්‍ය නොවේ. තවද හච් වෙළෙඳමහතුන් හට ඉලෙක්ට්‍රොනික රීචාර්ජ් කිරීම් සඳහා මිල අධික යන්ත්‍රවල ආයෝජනය කිරීමට හෝ භෞතික ටොප්-අප් කාඩ්පත් තොගයක් තුළ සිය මුදල් ආයෝජනය කිරීමද අවශ්‍ය නොවන අතර ඒ සියලු මිලදී ගැනීම් එක් විශ්වීය ඩිජිටල් මුදල් පසුම්බියක් හරහා සිදුකරමින් ඩිජිටල්කරණය කරන ලද නිෂ්පාදන අලෙවි කිරීම සිදුකළ හැකිය.

විශේෂයෙන්ම ස්මාර්ට් සැන්ඩි ඇප් මඟින් වර්තමාන අභියෝගාත්මක පරිසරය තුළ වෙළෙඳ මහතුන්ට සිය මෙහෙයුම් දුෂ්කරතා මඟහරවා ගැනීමට සහ හච් පාරිභෝගිකයන් වෙත නවෝත්පාදන සේවාවන් රැසක් ලබාදීමේ අවකාශය උදාවී ඇත.

මෙම නවතම හ¾දුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් හච් හි ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා සඳහන් කළේ මෙවැන්නකි. අපගේ වෙළෙඳ මහතුන්ගේ සහ වෙළෙඳ ජාලයේ වර්ධනය සඳහා අපි කැපවී සිටිමු. අපගේ වෙළෙඳ මහතුන්ට, ඩිජිටල් වෙළෙඳාමේ නව යුගයට ප්‍රවේශ වීමට අවශ්‍ය මඟපෙන්වීම ලබාදීම සඳහා විප්ලවීය හච්, “ස්මාර්ට් සැන්ඩි” ඇප් හ¾දුන්වාදීමට හැකිවීම ගැන අපි සතුටු වෙමු. මෙමඟින් අපගේ වෙළෙඳ මහතුන්ට කාර්යන් පහසුවෙන් කරගත හැකිවන අතර පුළුල් ආදායම් මාර්ගයක්, අඩු ආයෝජනයක්, වඩා හොඳ මුදල් ප්‍රවාහයක් සහ සම්පූර්ණ විනිවිදභාවයක් ලබාදෙනු ඇත. බොහෝ කුඩා ව්‍යාපාරවලට ඔවුන්ගේ ආදායම් පුළුල් කිරීමට සහ ඊට සමගාමීව අපගේ ගනුදෙනුකරුවන්ට සේවා ප්‍රවේශය වැඩිකිරීමට හැකියාව ලබාදීමට මෙමඟින් පහසුකම් සලසයි.