සොෆ්ට්ලොජික් ලයිෆ් විශාලතම ජීවිත රක්ෂණ සමාගම් අතර දෙවැනිතැනට

0
16

රට තුළ වූ  අභියෝගාත්මක තත්ත්වයන් මධ්‍යයේ සියලු බාධක ජයගනිමින් ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් 2022 පළමු අර්ධයේදී විශිෂ්ට කාර්ය සාධනයක් වාර්තා කරමින් මෙරට දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම බවට පත් වූ බව නිවේදනය කළේය. මෙවැනි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ ළාබාලතම ජීවිත රක්ෂණ සමාගම වන්නේද සොෆ්ට්ලොජික් සමාගමයි.

2022 ජුනි 30 වැනිදායින් අවසන් වන මාස හය තුළ සොෆ්ට්ලොජික් ලයිෆ් රු. බිලියන 11.4ක දළ වාරික ආදායමක් (GWP) වාර්තා කිරීමට සමත්ව ඇති අතර එය පසුගිය වසරේ 18.7% ක් වන සමස්ත රක්ෂණ ක්ෂේත්‍රයේ වර්ධනය හා සැසඳීමේදී 24%ක ඉහළ වර්ධනයකි. 2022 ජුනි 30 තෙක් 17.1% වෙළෙඳපළ කොටසකට හිමිකම් කියන සොෆ්ට්ලොජික් ලයිෆ් මේ වනවිට ජීවිත රක්ෂණ වෙළෙඳපොළේ දෙවැනියට විශාලතම සමාගම ලෙස ශ්‍රේණිගත වී සිටින්නේ දශක ගණනාවක් මුළුල්ලේ ක්ෂේත්‍රයේ සිටි අනෙකුත් දැවැන්තයන් අභිභවා යන ශක්තිමත් වර්ධනීය කාර්ය සාධනයක් පෙන්නුම් කරමින්ය.

සොෆ්ට්ලොජික් ලයිෆ් එහි ආරම්භයේ සිටම කාලයට උචිත නවෝත්පාදනයන් සහ ඩිජිටල්කරණය තුළින් සුවහසක් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට නිරන්තරයෙන් කැපවුණු ආයතනයකි. ස්වයංක්‍රිය එක්දින හිමිකම් පියවීම, මිනිත්තුවක් තුළ රෝහල්ගත වීමේ හිමිකම් පියවීම, 100% ඩිජිටල්කරණය කළ විකුණුම් ප්‍රවේශය, ස්වයංක්‍රියව රක්ෂණ ඔප්පු නිකුත් කිරීම සහ දුරකථන සබඳතා මත පදනම් වූ ක්ෂුද්‍ර රක්ෂණ විස¾දුම් (mobile micro insurance) ආදී සුවිශේෂී කලින් නොදුටු නව්‍යකරණ රක්ෂණ විස¾දුම් ක්ෂේත්‍රයට හ¾දුන්වා දෙමින් පාරිභෝගිකයන්ට උසස් සේවාවක් ලබා දීමට හැකිවීම නිසා වෙළෙඳපොළ තුළ සිය තරගකාරී ස්ථානය තවදුරටත් ඉහළ නංවා ගැනීමට ඔවුන්ට හැකිවිය.

වසංගත තත්වයන් සහ දැඩි ආර්ථික අර්බුදය හමුවේ ඉතා අසීරු ව්‍යාපාරික වාතාවරණයක වුවද සමාගමට සාර්ථකත්වයට පත් වීමට හැකි වූ තවත් ප්‍රධාන හේතුවක් වූයේ මිලියන 1.5කට අධික සේවාදායකයන් සංඛ්‍යාවක් පසුපස අත්‍යවශ්‍ය මොහොතක සමාගම ශක්තිමත්ව රැඳී සිටිමින් රුපියල් බිලියන 1.4කට වඩා වැඩි කොවිඩ් – 19 හිමිකම් පියවීමට සමත් වූ බැවිනි. තව හේතු බොහොමයක් මධ්‍යයේ ශ්‍රී ලංකාවේ විශාලතම කොවිඩ් හිමිකම් පියවන්නා ලෙස සොෆ්ට්ලොජික් ලයිෆ් දිනූ විශ්වාසය නිසාවෙන්ම අදාළ කාල පරිච්ඡේදය තුළ රක්ෂණ ක්ෂේත්‍රයේ  සමස්ත නව රක්ෂණ විකුණුම්වලින්  17%කට වඩා වැඩි ප්‍රමාණයක් අත් කරගැනීමටද සමාගමට හැකිවිය.

වසර ගණනාවක් මුළුල්ලේ පවත්වා ගෙන ආ මෙම අතිවිශිෂ්ට වර්ධන ගමන හේතුවෙන් 2021 Emerging Asia Awards හිදී “වසරේ විශිෂ්ටතම ජීවිත රක්ෂණ සමාගම” ලෙසත්, 2019/2021 Effie සම්මාන උළෙලේදී අඛණ්ඩව වසර දෙකක් “වසරේ හොඳම සන්නාමය” දිනාගත් එකම සන්නාමය බවට ද සොෆ්ට්ලොජික් ලයිෆ් තේරී පත්විණි.

එපමණක් නොව, මූල්‍ය විනිවිදභාවය සහ ආයතනික පාලනය (Corporate Governance) පවත්වා ගැනීම සඳහා සමාගමක් ලෙස දක්වන දැඩි කැපවීම අගයමින් CA Awards 2021 හිදී සියලු ක්ෂේත්‍රයන් හි ඒකාබද්ධ වාර්තාකරණයේ සමස්ත විශිෂ්ටත්වය සඳහා වූ රිදී සම්මානය, රක්ෂණ ක්ෂේත්‍රයේ රන් සම්මානය සහ CMA Excellence in Integrating Reporting Awards 2021 හිදී 2021 වාර්ෂික වාර්තාව සඳහා සමස්ත රන් සම්මානය වැනි ක්ෂේත්‍රයේ ඉහළම සම්මානවලින් සොෆ්ට්ලොජික් ලයිෆ් පිදුම් ලැබීය.

මෙම සන්ධිස්ථානය පිළිබඳව අදහස් දක්වමින් සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් පීඑල්සී සභාපති අශෝක් පතිරගේ මහතා පැවසුවේ, “සොෆ්ට්ලොජික් ලයිෆ් හිමිකර ගත් මෙම ජයග්‍රහණය පිළිබඳව මා සැබවින්ම ආඩම්බර වනවා. එඩිතර නායකත්වයක මඟපෙන්වීම “කළ නොහැකි දෙයක් නැත” යන ආකල්පය, උද්යෝගිමත් කණ්ඩායමක් සිටීම, අඛණ්ඩ වැඩිදියුණු කිරීම් මත පදනම් වූ උපාය මාර්ගයක් සමඟ කැටිවුණු Softlogic Life, ඕනෑම අභියෝගයක් බිඳලන්න හැකි බව තදින් විශ්වාස කරන ආයතනයකි.

ඒ හැකියාව සහ විශ්වාසය ඔප්පු කරමින්, අද වන විට ඔවුන් ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම ජීවිත රක්ෂණ සමාගම බවට පත් වී ජයග්‍රහණයේ හිණිපෙත්තටම පැමිණ තිබෙනවා. අස්ථාවර වෙළෙඳපළ තත්වයන් මධ්‍යයේ වුවද ගෝලීය ආයෝජකයන් සොෆ්ට්ලොජික් ලයිෆ් හි ආයෝජනය කිරීමටත්, අප සමඟ දිගටම රැඳී සිටීමටත් තෝරාගෙන ඇත්තේ ආයතනය පිළිබඳ ඔවුන්ගේ ඇති දැඩි විශ්වාසය නිසාවෙනි. 2011 වසරේදී “සොෆ්ට්ලොජික් සමූහය” යටතට ගත් Softlogic Life, රක්ෂණ ක්ෂේත්‍රයේ ඉතා වේගවත් ප්‍රගතියක් සමඟින් වර්ධනය වන ආකාරය දැකීමෙන් මා නිහතමානීව සතුටට පත් වනවා” යනුවෙනි.