සෙලාන් ක්‍රෙඩිට් කාඩ්පත්වලින් ආසිරි රෝහල්වල බිල්පත් ගෙවීමේදී විශේෂ පහසු ගෙවීමේ ක්‍රමයක්

0
15

සුහද හදක් ඇති දේශීය බැංකුව සෙලාන් බැංකුව සිය ගනුදෙනුකරුවන්ට පහසු ගෙවීමේ ක්‍රමයට රෝහල් ගාස්තු ගෙවීමට අවස්ථාව සලසාදීම සඳහා ආසිරි හොස්පිට්ල්ස් සමූහ ව්‍යාපාරය සමඟ විශේෂ හවුල්කාරීත්වයකට එළඹී තිබේ.

කෙනකුට රෝහල්ගත වීමට සිදු වූ අවස්ථාවකදී හෝ තම පවුලේ කෙනකු රෝහල්ගත කිරීමට සිදු වූ අවස්ථාවකදී ඇතැම් විට රෝහල් ගාස්තු එකවර ගෙවීම දුෂ්කර වීමට ඉඩ ඇත. මෙම හවුල්කාරීත්වය නිසා සෙලාන් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට එබඳු ගැටලුවකට මුහුණ නොදී සිතේ සැහැල්ලුවෙන් යුතුව අදාළ ගාස්තුව කොටස් වශයෙන් ගෙවීමට අවස්ථාව හිමි වේ.

මෙම පහසුකම යටතේ සෙලාන් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයෙන් ආසිරි සමූහයේ රෝහල් සඳහා ගෙවීම් සිදුකරන ගනුදෙනුකරුවන්ට මාස 6ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයට එම ගාස්තු ගෙවීමට අවස්ථාව ලැබේ. මේ ආකාරයට රු. 50,000 සිට රු. මිලියනය දක්වා ගෙවීම් සිදුකරන ගනුදෙනුකරුවන්ට අදාළ ගනුදෙනුවේ සිට දින 7ක කාලයක් තුළ 011-2008888 අංකය ඇමතීමෙන් අදාළ ගෙවීම පහසු ගෙවීමේ ක්‍රමයක් බවට පරිවර්තනය කරගත හැකි වනු ඇත. මෙම දීමනාව 2022 දෙසැම්බර් 31 දින දක්වා වලංගු වේ.

ආසිරි රෝහල් සමූහය යනු මෙරට ප්‍රමුඛතම පෞද්ගලික රෝහල් එකතුවකි. එහි සේවය කරන දක්ෂ හා අත්දැකීම් බහුල කාර්ය මණ්ඩලය රෝගීන්ට උසස්ම සේවාවක් ලබාදීමට කැපවී සිටී. ආසිරි සමූහ ව්‍යාපාරයේ රෝහල් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව අති  නවීන තාක්ෂණය හා උපකරණ භාවිතයෙන් රෝගීන්ට විශිෂ්ට මට්ටමින් ප්‍රතිකාර ලබාදෙයි. මේ නිසාම ආසිරි සෙන්ට්‍රල් රෝහල වෙත Joint Commission International වෙතින් Gold Seal of Approval හිමි වී ඇති අතර ආසිරි සර්ජිකල් රෝහල, ආසිරි මෙඩිකල් රෝහල, ආසිරි රෝහල ගාල්ල සහ ආසිරි රෝහල මාතර යන රෝහල්වලට Australian Health Care Accreditation (ACHS) හිමි වී තිබේ. “අපගේ කාඩ්පත් හිමියන්ට මෙවැනි පහසු ගෙවීම් ක්‍රමයක් හඳුන්වා දීම සඳහා ආසිරි හොස්පිට්ල්ස් වැනි ප්‍රමුඛ පෙළේ රෝහල් සමූහයක් සමඟ අත්වැල් බැඳගැනීමට හැකිවීම අපට මහත් සතුටක්.

රටේ පවතින තත්ත්වය අනුව සෞඛ්‍ය වියදම් පියවාගැනීම දිනෙන් දින දුෂ්කර කාර්යයක් බවට පත්වෙමින් තිබෙනවා. එදිනෙදා අවශ්‍යතාවන්ට ගැළපෙනම කාඩ්පත වශයෙන් විවිධ ක්‍රමෝපායික හවුල්කාරීත්වයන් සමඟින් සෙලාන් කාඩ්පත හරහා මේ ලබාදෙන පහසුකම් බොහෝදෙනකුට ඉමහත් සහනයක් වනු ඇති බව අපට විශ්වාසයි” සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරි (විකුණුම් හා අලෙවි) ගාමික ද සිල්වා මහතා පැවැසීය.