වැඩ කරන්න බයද

0
16

“ඔබ නෙළාගනු ලබන අස්වැන්න අනුව දිනයක සාර්ථකත්වය නොමනින්න එහෙත් සෑම දිනයකම ඔබ වපුරනු ලබන දේ පිළිබඳව සැලකිලිමත් වන්න” යැයි ආර්. එල්. ස්ටීවන්සන් සඳහන් කරයි. සැබැවින්ම අප අද නෙළාගනු ලබන්නේ ඊයේ වපුරනු ලැබූ දෙයෙහි අස්වැන්නයි. හෙටත් අස්වනු නෙළීම පිණිස අද අප වපුරන්නේ මොනවාද කියන එක ගැන ඉතා කල්පනාකාරී විය යුතුයි.

“අවසානයේ ඔබ ගත කළ අවුරුදු ගණනින් ඔබේ ජීවිතයේ සාර්ථකත්වය මනින්නේ නැහැ. ජීවිතයේ ගෙවී ගිය අවුරුදුවල ඔබ කළ කී දේ අනුව ඔබේ ජීවිතය ගොඩනැඟෙනවා” යැයි ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරයකු වූ ඒබ්‍රහම් ලින්කන් සඳහන් කරයි. ඩේල් කාගනී පවසන පරිදි හොඳට හෝ නරකට ඔබ ඔබේ ඉඩම වගා කර ගත යුතුය. ජීවිතය නැමැති ගීතය ඔබ ඔබේම කුඩා වස්දඬුව සුසර කරගෙන වාදනය කළ යුතුය. ඒ ගැන රොබින් ෂර්මා ද මෙසේ කියයි.

“වෙහෙසී වැඩ කරන්න එය අනාගතයේ අස්වනු නෙළීම වෙනුවෙන් අද කරනු ලබන වැපිරීමකි. අප කරන වැඩ අපේ ජීවිතවලට අරුතක් ලබාදෙයි. අප කරන යහපත් වැඩ නිසා අපේම ස්වයං වටිනාකම වැඩි වේ. මේ මිහිතලය මත අපට උරුම තැන පසක් කර දෙන්නේ අප කරන වැඩයි. වැඩ කිරීම යනු අප අපටම දෙන උතුම් තෑග්ගකි.”

ඇතැමුන්ට වැඩ කිරීම ආස්වාදයක් නෙවෙයි කරදරයක්. එවැනි අය වැඩ කරන්න බයයි. වැඩක් ලැබෙන්නත් කලින් ඒ ගැන හිතලා බය වෙනවා. තැති ගන්නවා. ඒක අනියත බියක්. ඇයි ඔවුන් වැඩ කරන්න බය, වැඩ කිරීම නිසා තමාගේ ‍ෙදා්ෂයක් අඩුපාඩුවක් අනෙක් අයට අනාවරණය වෙයි කියලා. නැතිනම් වැඩ කරන්න ගිහින් වැරදුණොත් ‍ෙදා්ෂාරෝපණයට ලක්වේය කියන බය. එහෙමත් නැතිනම් වැඩේ වැරදුණොත් තමා ප්‍රතික්ෂේප වේය කියන බය. වැඩ කරන්න බය නැති අයට වැඩ කිරීම කියන්නේ ආස්වාදජනක දෙයක්. වැඩ කරන්න ගිහින් සිදුවන වැරදීම් ඔවුන්ට අගනා ඉගෙනුම් අවස්ථා ඔවුන් වැරදීම් තුළින් ඉගෙනගත හැකි ඉගෙනුම් උපාය ඥානය (Learning Sense) වර්ධනය කරගත් අය.

මේ ලෝකෙ තියෙන අමාරුම වැඩේ තමයි වැඩක් නොකර ඉන්න එක. මොකද වැඩ නොකර සිටීමෙන් අපේ වටිනාකම අවතක්සේරු වෙනවා. එයින් නව ඉගෙනුම් අවස්ථා මඟහැරී යනවා වැඩ නොකරන්නන් වෙනුවෙන් ලෝකය නතර වී බලා සිටින්නේ නැහැ. රැකියාවකදී නම් අප සිදුකරන රාජකාරිය හෙවත් වැඩ (Work itself) තමයි පළමුවැනි මෙන්ම ප්‍රබලම අභිප්‍රේරකය වන්නේ. අනෙක් සියලු ප්‍රතිලාභ අංක දෙක. රැකියාවේ තමා සිදුකරන වැඩ තුළින් අභිප්‍රේරණය වන සේවකයන්ගේ දිගුකාලීන කාර්යය සාධනය ඉහළ මට්ටමක පවතිනවා.

සමහරු වැඩ කරන්න බය වුණාට අනෙක් අය කරන වැඩවල ගෞරවය හොරකම් කරන්න හරි දක්ෂයි. ඒක එක්තරා විදිහක මානසික ආබාධයක් වශයෙනුත් වර්තමානයේ හ¾දුනා ගන්නවා තමන් වැඩ නොකර අනුන් කරන වැඩක ගෞරවය හොරකම් කරන්න හිතෙනවා. නම් ඒක චෞරෝන්මාදය කියන මානසික ආබාධයේම කොටසක්.

තවත් පිරිසක් ඉන්නවා කරන්න අර්ථාන්විත වැඩක් නැතත් එයාලා හරිම කාර්යබහුලයි. (Busy) කාර්යයබහුල බව කියන්නේ වැඩ වැඩියි කියන එක නෙවෙයි. ඇත්තටම එහි අදහස තියෙන වැඩ නිවැරදිව සැලසුම් කර ගන්න බැරිකම. එනිසා කාර්යබහුලයි කියන්නේ තියෙන වැඩ නිවැරදිව ප්‍රමුඛතාගත (Prioritize) කරගැනීමේ නොහැකියාව.

වැඩ නිවැරදිව ප්‍රමුඛතාගත කරමින් සැලසුම් කර ගැනීම සඳහා භාවිත කළ හැකි සරල පරිචයක් දක්වන්න පුළුවන්. එය පියවර පහකින් සමන්විතයි.

1.            තමාට වටිනාකමක් ආරෝපණය වන වැඩ නිවැරදිව හ¾දුනා ගන්න (Identify the work).

2.            පුද්ගල සහ වෘත්තීය සංවර්ධනයට ඉවහල් වන වැඩ පැහැදිලිව වර්ගීකරණය කර ගන්න (Classify the work).

3.            හදිසි බව හා වැදගත් බව පදනම් කර ගනිමින් අදාළ වැඩ ප්‍රමුඛතාගත කරගන්න (Prioritize the work).

4.            අදාළ කාර්යය සැලසුම් කරන්න (Plan the work). අවසාන මොහොත තෙක් බලා නොසිට ඊට අවශ්‍ය කාලය සහ සම්පත් සූදානම් කරගන්න. මූලික සැලැස්මට සමගාමීව විකල්ප සැලැස්මක්ද තබා ගන්න.

5.            කිසිදු වැඩක් හුදකලාව ගෙන සැලසුම් කරන්න අමාරුයි. එනිසා අදාළ කාර්යය හා බැ¾දුණු අනෙක් කාර්යයන්ද සැලැසුම් කරගන්න. (Plan for the work).