රත්මලාන වෙරළේ නාඳුනන මළ සිරුරක්

0
11

රත්මලාන අල්විස් වත්ත ප්‍රදේශයේ මුහුදු වෙරළට ගොඩගසා තිබූ නාඳුනන පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් ඊයේ (16දා) පෙරවරුවේ සොයාගත් බව ගල්කිස්ස පොලිසිය පවසයි.

වයස අවුරුදු 50ක් පමණ වූ  මෙම පුද්ගලයාගේ අනන්‍යතාව පිළිබඳ තොරතුරක් මෙතෙක් වාර්තා වී නැති බවත් මියගිය පුද්ගලයාගේ සිරුරෙන් ලේ ගලා ඇති බවත් එම සිරුරේ කිසිදු ඇඳුමක් නොතිබූ බවත් පොලිසිය කියයි.

මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ගල්කිස්ස පොලිසිය සිදු කරයි.

ගල්කිස්ස – ජානක ගෝමස්