මිලියනපතියන්ගෙන් බිලියනයක් වටින බිස්නස් අදහස්

0
42

මේ වන විට ලොව විශාලතම සමාගම ලෙස සැලකෙන Walmart සමාගම, ඇමරිකානු සිල්ලර වෙළෙඳපළේ අති විශාල කොටසකටද හිමිකම් කියනවා. මේසා විශාල ආකාරයෙන් Walmart ගොඩනඟලා, වර්තමාන තත්ත්වය දක්වා සමාගම මෙහෙයවන්න සෑම් වෝල්ටන් අතිශය වැදගත් කළමනාකරණ ක්‍රමෝපායක් භාවිත කර තිබෙනවා. කළමනාකරණ ශබ්ද කෝෂයේදී නම් වෝල්ටන්ගේ මේ උපක්‍රමය හ¾දුන්වන්නේ ‘4:1 Ratio’ (4.1 අනුපාතය) විධියට. කලමණාකරුවෙක් භාවිත කරන සෑම නිශේධාත්මක ප්‍රකාශයක් තුළම, එනම් සෑම negative comment එකක් තුළම, අවම වශයෙන් ධනාත්මක අදහස් (Positive comments) හතරක් මෙහිදී පැවැතිය යුතු වෙනවා.

සේවකයෙක් ආයතනය වරදක් නිර්මාණය කළාම, එය තමන්ට නිවැරදි විය යුතු ආකාරයටම සිද්ධ වෙන්න නම්, අදාළ සේවකයාට සෘණාත්මකව බලපෑම්සහගත වන ප්‍රතිපෝෂණයක් ලබා නොදී එයට ඔහුට ධනාත්මක ආරෝපණයක් ඇතිවෙන ආකාරයෙන් ඔහුව වැරැද්ද පෙන්වා ශක්තිමත් කිරීම මෙහි මූලික අදහස වෙනවා. මේ ක්‍රමය නිවැරදිව වැඩට ගන්න වෝල්ටන් ආයතනය තුළ සෑම අවස්ථාවකදීම සේවකයො වැරැදි දේ කරනකම් බලා සිටිනවාට වඩා හරි දේ කරනකම් බලන් ඉන්නවා. ඔහු මූල්‍යමය වශයෙන් ස්ථාවර ආයතනයක් පමණක් වෙනුවට පී්‍රතිමත් සේවකයන් සිටින සමාගමක් වෙනුවෙන් නිරන්තරව සිහින දකිනවා. “ඕනෑම මෝඩයකු, විවේචනය කිරීමට, හෙළා දැකීමට, බොහෝ මෝඩයන්ට හැකිය” කියලා බෙන්ජමින් ෆ්රෑන්ක්ලින් වරක් ඉදිරිපත් කළ කාරණාව කෙරෙහි නිරන්තරව වෝල්ටන් සිහිතබා ගන්නවා.

සේවකයෝ සම්බන්ධ කාරණාවේදී වෝල්ටන් කියන්නේ ‘employee is the king’ කියන සංකල්පයේ ඉඳලා වැඩ කළ කෙනෙක්. සෑම සේවකයෙක් තුළින්ම දෛනිකව පී්‍රතිමත්, ආස්වාදජනක ස්වරූපයක් දිස්වෙන්න Walmart ව්‍යාපාරය තුළ ‘Good moring’ කියන සරල සාමාන්‍ය පොදු යෙදුම සෑම උදෑසනකම උපක්‍රමශීලී ආකාරයෙන් භාවිත කළ කෙනෙක්.

කෙවින් ඔ ලියරි – වැරදි අදහස් ක්‍රියාවට නංවන්න එපා

“අතිශය සාර්ථක ව්‍යසායකයො පවා බොහෝ වෙලාවට වැරැදි අදහස් ක්‍රියාවට නංවනවා. වැරැදි අවස්ථා ග්‍රහණය කරගන්නවා. ඔවුන් බහුතරය ගොඩක් වෙලාවට තමන් තුළ තියෙන දැවෙන ආශාවෙන්ම අන්ධ වෙනවා. ඔබේ අදහස් ගැන බාහිර පාර්ශ්වයන්ගෙන්  අදසක් ගන්න. හොඳ නරක විමසීමට ලක් කරන්න.”

අවස්ථා මඟහැර ගන්න එපා, අවස්ථාවලට පයින් ගහන්න එපා කියලා අපි කට වචනයට කිව්වට, හමුවෙන සෑම අවස්ථාවකටම, සෑම මොහොතකම ආයුබෝවන් කියන එක කිසිසේත් ප්‍රායෝගික නැහැ. මොකද සමහර වෙලාවට ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේදී එක් වැරැදි අවස්ථා ග්‍රහණය කරගැනීමක් නිසා සදාකාලික විධියට අසාර්ථක වෙන්න සිද්ධ වෙන්න පුළුවන්. 

වරක් Kodak සමාගම ෆිල්ම් රෝල් ක්‍ෂේත්‍රයේ මුලසුන හොබවමින් ඉදිරියෙන්ම සිටියා. ඔවුන් ෆිල්ම් රෝල්වලින් අති විශාල ලාභයක් ලැබුවා. ඔය කාලයේදී Kodak වෙළෙඳපළ ආක්‍රමණය කරමින් Digital කරළියට එන්න පටන්ගත්තා. Digital නිසා යම් බලපෑමක් අනාගතයේ ඇතිවිය හැකියි කියලත් Kodak දැනගෙන හිටියා. නමුත් ඔවුන් ඒ වනවිට විශාල ලාභයක් ලබමින් සිටි නිසා ඔවුන් අවස්ථාව විධියට දැක්කේ ලාභදායී වුණු Kodak වෙළෙඳපළම අල්ලාගෙන සිටීම. ඔවුන්ට කිසිම අවස්ථාවක එතැනින් පරිබාහිර Digital වෙළෙඳපළ අල්ලන්න වුවමනාවක් තිබුණෙ නැහැ. නමුත් ටික කාලයක් යනකොට Kodak වෙළෙඳපළ අතික්‍රමණය කරමින් Digital ඉහළට ආවා. Kodak සමාගමේ ලාභය බිඳ වැටිලා වෙළෙඳපළ අස්ථාවර වුණා.

එක් වැරදි අවස්ථා ග්‍රහණයක් නිසා සිද්ධ වුණු Kodak වෙළෙඳපළේ කඩාවැටීම කියන්නේ Kevin O’Learyගේ ප්‍රකාශය වඩාත් හොඳින් සනාථකර පෙන්වන අවස්ථාවක්. සියලුම ව්‍යාපාරිකයන්ට අනිකාට ඇහුම්කම් දීමේ වැදගත්කම කියාපාන ඓතිහාසික අවස්ථාවක්.

රටන් ටාටා

අවදානම් බය නැතුව ගන්න

“සාර්ථක වෙන්න නම් අවදානම් ගැනීම අනිවාර්යයයි. අවදානමක් නැත්නම් වර්ධනයකුත් නැහැ. Safe mode එකේ වැඩ කරන එක ඔබට පහසුවක් වෙයි. නමුත් ඔබ ඔබේ කටයුතු අපහසු නොකර අවදානම් කලාපයට නොපිවිසුණොත් ඔබේ හොඳම ප්‍රතිඵල දකින්නට බැරිවෙයි.”

“ඒ වෙද්දි විශ්වවිද්‍යාලයේ අයට අවබෝධයක් තිබුණෙ නැහැ මම ක්‍රිකට්වලින් කොච්චර දුර යයිද කියලා. ඔවුන්ට තක්සේරු කරන්න බැරිවුණා මගේ දක්ෂතාව කොච්චරක්ද කියලා. විශ්වවිද්‍යාලයේ හැමෝටම පොදු නීතියක් තිබුණා. ඒ විභායට ලියන්න නම් 60%ක අවම පැමිණීමක්වත් ශිෂ්‍යයකුට තිබිය යුතුයි කියන එක. ක්‍රිකට් තරගවලට සහභාගි වෙන අතරේ, සංචාරවලට යන අතරේ අධ්‍යාපනය කරපු මට 5%කවත් පැමිණීමක් තිබුණෙ නෑ. ඉතින්, මට දෙකෙන් එකක් තෝරගන්න කියලා එයාලා කිව්වා. ක්‍රිකට්ද? අධ්‍යාපනයද? අධ්‍යාපනය පස්සෙ හරි කරන්න පුළුවන්. ක්‍රිකට් ගහන්න ලැබෙන්න පොඩි කාලයයි. ඉතින් මම එදා ක්‍රිකට් තෝරගත්තා. අද ඒ ගැන මට පසුතැවීමක් නැහැ.”

ශ්‍රී  ලාංකේය ක්‍රිකට් වංශ කතාව අලුතින්ම ලියපු කුමාර් සංගක්කාර ක්‍රිකට් නිසා තමන්ගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතරමඟ නවත්වා දමන්නේ එහෙමයි. නීති උපාධිය වෙනුවට තමන්ගේ සාර්ථකත්වයේ ගමන යන්න ක්‍රිකට් ක්‍රීඩාව තෝරාගන්නේ එහෙමයි. විකල්ප අවස්ථා අතරින් ජීවිතයේ හොඳම අවස්ථාව තෝරාගැනීම කියන්නේම අපි ජීවිතය තුළ ගන්න දැවැන්ත අවදානමක්. ජීවිතය මිස් වෙන්න හෝ නොවෙන්න බලපෑම් සහහත වෙන්න පුළුවන් රිස්ක් එකක්. ජීවිතය තුළ හමුවන ඇතැම් ක¾දු තරණය කරන්න, ඇතැම් බාධක පසුකරන්න, සාර්ථක වෙන්න, ගොඩයන්න සැලකිය යුතු අවදානමක් අපට ජීවිතය තුළ අනිවාර්යයෙන්ම කළයුතු  ගන්නට සිද්ධ වෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව තුළ පිතිකරුවෙක්ට 6 පහරක් ගහන්න ඕන නම් පන්දුව යොමුවෙද්දි අඩි කිහිපයක් ඉදිරියට පනින්නට අනිවාර්යයෙන්ම සිදුවෙනවා. ඔහුට පන්දුව මඟහැරී ගියොත් ඇතැම්විට පන්දුව කඩුල්ලේ වැදී ඔහු දැවී යන්නට පුළුවන්. නැතිනම් කඩුලු රකින්නා ස්ටම්ප් කරමින් ඔහුව දවාලන්නට පුළුවන්. එහෙත් ලකුණු රැස්කරන්න නම් අඩි කිහිපයක් ඔහුට  ඉදිරියට පනින්නම සිද්ධ  වෙනවා.

සුන්දරයි පීචායි

අනුන්ගේ දියුණුවත් දකින්න

“තමන්ගේ සාර්ථකත්වයම දකින්න එපා. තමන්ගේ සාර්ථකත්වය ගැනම කතා කරන්න එපා. අනුන්ගේ සාර්ථකත්වය දකින්න. ඒ ගැන කතා කරන්න. එය ඔබේ සාර්ථකත්වයට මූල බීජයක් වේවි.”

ජීවිතයේ බොහෝ අවස්ථාවල තමන්ගේ සාර්ථකත්වය උත්කර්ෂයට නැඟීම, තමන්ගේ ජයග්‍රහණයන් ගැනම උදම් ඇනීම මිනිසුන් විදියට අපි කරන දෙයක්. තමන්ගේ සාර්ථකත්වය සැමරීම, තමන්ගේ ජයග්‍රහණයන් භුක්ති විඳීම අනුමත කළ හැකි දෙයක් වුණත්, ඔබට උපරිම විභවතාවකින් යුතුව සාර්ථකත්වයේ හිණිපෙත්ත ස්පර්ශ කරන්න නම්, ඔබේ ක්‍ෂේත්‍රයේ ඉහළම තැන කරා යන්නනම් ඔබේ සාර්ථකත්වය ගැන පමණක් උදම් ඇනීම ප්‍රමාණවත් නෑ. ඒ සඳහා අනුන්ගේ සාර්ථකත්වය පිළිබඳවද කතා කිරීම, අනුන්ගේ සාර්ථකත්වයේ කතා කියවීම, බැලීම සහ ඇසීම අත්‍යවශ්‍යයි. තව විධියකින් ඕක විස්තර කරනව නම් ඔබ සාර්ථකත්වයේ ගමන යනකොට ඔබට නොපැහැදිලි තැන් පැහැදිලි කරගන්න නම්, ඇතැම් මාර්ග නිවැරදිව හ¾දුනාගන්න නම්, ඇතැම් බිඳවැටීම් සහ අසාර්ථකවීම්වලින් ආරක්ෂා වෙන්නනම්, සාර්ථකත්වය කරා ගිය වෙනත් පරමාදර්ශී චරිතයන්ගේ (Roll models) මඟපෙන්වීම අත්‍යවශ්‍යයි.

ජැක් මා

හොඳ බොස් කෙනෙක් හොයාගන්න

“අවුරුදු 20ත් 30ත් අතර හොඳ බොස් කෙනෙක් එක්ක වැඩ කරන්න. ලොකු සමාගමක වැඩ කළොත් ලොකු ක්‍රියාවලියක කොටසක් වෙන්න ඔබට පුළුවන්. පොඩි සමාගමක වැඩ කළොත් ඔබට ඔබේ විභවතා හ¾දුනාගන්න පුළුවන්. ඒ නිසා වැදගත් වෙන්නෙ සමාගම ලොකුද පොඩිද කියන දේ නෙමෙයි. ඔයා වැඩ කරන්නේ හොඳ බොස් කෙනෙක් එක්කද, නායකයෙක් එක්කද කියන එක.”

රැකියාවකට අයදුම් කරද්දි, බොහෝ අය හිතන්නේ පොඩි ආයතනයක් තෝරගන්නෙ නැතිව ලොකු අයතනයක් තෝරාගන්න. වෘත්තීයමය ලෝකයේ ලොකු ක්‍රියාවලියක කොටස්කාරයෙක් වෙන්න. නමුත් එම අදහසට ප්‍රබල පහරක් එල්ල කරන චීනයේ ලොකුම ධනවතා වන ජැක්මා කියන්නේ රැකියාව සඳහා විශාල සමාගමක් තෝරා ගැනීමට වඩා කුඩා සමාගමක් තෝරා ගැනීම සෑම විටම නුවණට හුරුයි කියලා. බොහොමයක් විශාල සමාගම්වල විශාල පිරිසක් සමඟ වැඩ කරනකොට ඔබේ ප්‍රගතිය, ඔබේ දක්ෂතාව, ඔබේ හැකියාව යන කාරණා බොහෝවිට ඔබට තෝරා බේරාගත හැකිවන්නේ, තේරුම්ගත හැකිවන්නේ අල්ප වශයෙන්. ඊට හේතුව ඒවායේ පරිපාලකයන්ට, කළමනාකරුවන්ට විශාල පිරිසක් නඩත්තු කිරීමට ඇති නිසා දක්ෂයන් සියල්ල හ¾දුනාගැනීමට ප්‍රමාණවත් ඉඩක්, කාලයක්, අවස්ථාවක් නොතිබීම. නමුත් බොහෝවිට කුඩා සමාගමක රැකියාවේ නියැළෙද්දි,  ඔය අර්බුදය බොහෝ විට විස‍ෙ¾දනවා. ඔබගේ හැකියා විභවතා හ¾දුනාගන්න කළමනාකරුවන් පෙලඹෙනවා. ඔබට සීමිත පරිසරය තුළ ඔබේ අසීමිත නිසැඟියාවන් හ¾දුනාගන්න ඉඩ හසර විවර වෙනවා.

මාර්ක් කියුබාන්

සූදානම නැත්නම් වැඩක් නෑ

“හැමෝම සාර්ථක වෙන්න කැමැතියි. හැමෝම සාර්ථකත්වය ගැන කතා කරන්න කැමතියි. නමුත් නියත වශයෙන්ම සාර්ථකතවය ඉන්නේ ඒ සඳහා සූදානම් අය එක්ක විතරයි.”

ලොව ඒ සිට මේ දක්වා සාර්ථක වුණු කිසිදු පුද්ගලයෙක් ‘’Desire’ එහෙමත් නැත්නම් ‘කැමැත්ත’ පමණක් මූලික කරගෙන සාර්ථකත්වයට පත්වුණු අය නෙමෙයි. සාර්ථකත්වය සෑමවිටම ලුහුබඳින්නේ කැමැත්ත පමණක් ඇති අය පසුපස නෙමෙයි. ‘Prepare’ එහෙමත් නැත්නම් සූදානම තමයි සෑම විටම සාර්ථකත්වයේ මුරපදය ලෙස ක්‍රියාකරන්නේ. රයිට් සහෝදරයන් ලොව ප්‍රථම ගුවන්යානය නිපදවන්නට කලින් පසුවුණේ ගුවන් යානයක් නිපදවීමේ තදබල සූදානමකින්. සර් එඩ්මන් හිලරි එවරස්ට් තරණය කරන්න කලින් විවිධ ක¾දු සිය ගණනක් තරණය කරලා තම අරමුණ කෙරෙහි සිටියේ දැඩි සූදානමකින්. තෝමස් අල්වා එඩිසන් විවිධ පර්යේෂණ අත්හදා බලමින්, අසාර්ථක වෙමින් පසුවුණේ විදුලි බුබුළ තැනීමේ අඛණ්ඩ සූදානමකින්. සූදානම විරහිතව කැමැත්ත යන කාරණාව කෙරෙහි විතරක් ඉලක්කගත වුණා නම් අද ඔවුන් ලෝකයක් කතා කරන ජයග්‍රාහකයන් නෙමෙයි. ඔබවත් මමවත් හ¾දුනන විශිෂටයන් නෙමෙයි.