මැදිරිගිරිය ආශාවරී ශබ්දාගාරයට මුල්ගල්

0
14

වයස අවුරුදු 10 – 12 ගැහැනු ළමයින්ගෙන් සමන්විත දිවයිනේ ළාබාලතම සංගීත කණ්ඩායම වන මැදිරිගිරිය “ආශාවරී” සංගීත කණ්ඩායම වෙනුවෙන් ඉදිවන යෝජිත ශබ්දාගාරය සඳහා මුල්ගල තැබීම පසුගියදා මැදිරිගිරිය නව නගරයේදී සුබ මොහොතින් සිදුවිය.

මහා සංඝරත්නයගේ ආශීර්වාදය මධ්‍යයේ මුල්ගල තැබූ මේ අවස්ථාව සඳහා ආශාවරී සාමාජිකයන්, ඔවුන්ගේ මවුපියන්, ප්‍රදේශවාසීන් සිංහ උපුල් දේවප්‍රිය මෙන්ම “ආශාවරී” පුහුණුකරු සහ කළමනාකරු වන නාලක ජයලත් ආචාර්යවරු සහභාගි වූහ.

යූ.ඩී. සර්විසස් සම්බන්ධීකරණයෙන්, මිහිමඬල පාරිසරික සහ 306ජ 2 මහරගම ගෝල්ඩන් සිටි සිංහ සමාජයේ ප්‍රජා සත්කාරයක් ලෙස මෙම ව්‍යාපෘතිය කරගෙන යනු ලබයි.

නොයෙකුත් දුෂ්කරතා මැද ඉදිරියට පවත්වාගෙන යනු ලබන “ආශාවරී” සංගීත කණ්ඩායමේ ඉදිරි ගමනට මෙම ශබ්දාගාරය මහඟු රුකුලක් වනු ඇති බව නාලක ජයලත් මහතා මෙහිදී පැවැසීය.

හිතවතුන්ගෙන්, සුබ පතන්නන්ගෙන් සහ ව්‍යාපාරික ප්‍රජාවගේ අනුග්‍රහය මත ඉදිවන යෝජිත ශබ්දාගාරය සඳහා දානපතියන්ගේ සහාය පතන අතර මේ සඳහා 0777312433 ඇමතීමෙන් විස්තර ලබාගත හැකි බව “ආශාවරී” දන්වා සිටියි.