පොලිස් පාට් එකෙන් ඇවිත් 35,000ක් කොල්ලකාලා

0
15

හබරාදුව පිටිදුව ප්‍රදේශයේ වී මෝලකට  පොලිසියෙන් කියා පැමිණි පුද්ගලයන් දෙදෙනකු පෙරේදා(15දා) රාත්‍රි රුපියල් 35,000ක මුදලක් කොල්ලකා ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.

රාත්‍රි හතට පමණ වී මෝලට යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු තමන් පොලිසියේ බවත් වී මෝල් හිමිකරුගේ හැඳුනුම්පත පරීක්ෂා කිරීමට අවශ්‍ය බවත් පවසා ඇත. ඒ අනුව වී මෝල් හිමියා හැඳුනුම්පත ඉදිරිපත් කිරීමට මුදල් පසුම්බිය විවෘත කළ අවස්ථාවේ එම පසුම්බියේ තිබූ රුපියල් 35,000ක මුදලක් කොල්ලකා පලාගොස් තිබේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හබරාදුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ගාල්ල – ෆර්හාන් නිසාම්දින්, අහංගම – එස්. දීයගහගේ