නැතිවූ ලක්‍ෂ 22ක මුද්ද ඇමැති දියණියකගේ නොවෙයි

0
40

රුපියල් ලක්ෂ විසි දෙකක් වටිනා මුද්දක් අස්ථානගත වීම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයකු විසින් කිරින්ද පොලිසියට පැමිණිලි කළ නමුත් ප්‍රබල ඇමැතිවරයකුගේ දියණියකට සම්බන්ධ මුද්දක් පිළිබඳ කිසිදු පැමිණිල්ලක් නොලද බවත් කිරින්ද පොලිස් ස්ථානයේ වැඩබලන පොලිස් ස්ථානාධිපති ජනකප්‍රිය පවසයි.

වැඩබලන ස්ථානාධිපතිවරයාගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී ඔහු පැවැසුවේ පසුගියදා කිරින්ද පොලිසියට එසේ ව්‍යාපාරිකයකුගෙන් පැමිණිල්ලක් ලැබුණු නමුත් එය දේශපාලනඥයකුට සම්බන්ධ කාරණයක් නොවන බවය.

ප්‍රබල ඇමැතිවරයකුගේ දියණියකට අයත් රුපියල් ලක්ෂ 25ක් වටිනා මැණික් ගල් ඇල්ලූ මුද්දක් මේසන් බාස්වරයකු විසින් සොරා ගත් බවට කිරින්ද පොලිසියට පැමිණිල්ලක් ලැබුණු බවත් ඊට අදාළව පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත් පසුගියදා මාධ්‍ය හා වෙබ් අඩවිවල සඳහන් විය.

ඒ පිළිබඳව මාධ්‍ය කළ විමසීමකදී කිරින්ද වැඩබලන ස්ථානාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

අනුරාධා හේරත්