නැඟෙනහිර-උෟව-මධ්‍යම උතුරු මැදට අද තද වැසි

0
19

දිවයිනේ පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවැසීය.

ඒ අනුව මධ්‍යම, උෟව, නැඟෙනහිර, උතුර සහ උතුරු මැද පළාත්වල අද (17දා) සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පැවැසීය.

ඊට අමතරව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකිය. මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 40-45 දක්වා වැඩි වීමෙන් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වන බැවින් දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මඳ වශයෙන් රළු වන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.  

චන්දන ලක්මාල්