ත්‍රී සිංහ සමූහයෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලට රු. මිලියන දෙකක වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

0
23

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් වන්ත්‍රීසිංහ සමූහ ව්‍යාපාරය සිය ආයතනික සමාජ වගකීම් තවදුරටත් ව්‍යාප්ත කරමින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශ්වසන රෝග ඒකකයට Breas Vivo2 Ventilator, Humidifier for Viva 1-2-3, Heated Wire Patient Circuit iy Oxygen Concentrator Unit With Mask යන වෛද්‍ය උපකරණ පරිත්‍යාග කළේය. ශ්වසන රෝගවලට ගොදුරු වී ප්‍රතිකාර ලබන දරුවන්ට මෙම උපකරණ ඉමහත් ප්‍රයෝජනයක් වනු නිසැකය.

ත්‍රීසිංහ සමූහ ව්‍යාපාරයේ  කළමනාකාර අධ්‍යක්ෂ මංජුල ආරියකුමාර මහතාගේ ජන්ම දිනයට සමගාමීව රු. මිලියන දෙකක පමණ වටිනාකමකින් යුක්ත මෙම පරිත්‍යාගය සිදු කළ අතර එම අවස්ථාවට රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුෂිත සේනාපති, මහාචාර්ය පූජිත වික්‍රමසිංහ, ළමා ශ්වසන  රෝග විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා සහ ත්‍රීසිංහ සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ මංජුල ආරියකුමාර, මානව සම්පත් අංශ ප්‍රධානී චමිලා යුරංගි, මූල්‍ය කළමනාකරු රජී ගයාන්, මෙහෙයුම් කළමනාකාර (විකුණුම්) රවි¾දු ආරච්චිගේ, ව්‍යාපාර සංවර්ධන කළමනාකරු කෞෂල්‍යා රත්නසිරි, කර්මාන්තශාලා කළමනාකරු ටෙක්ලා තිරාණගමගේ, ගණකාධිකාරී නදීක ජයසිංහ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

“දිවයින පුරා සිටින ළමයින් දහස් ගණනකට ප්‍රතිකාර කරන ලංකාවේ විශාලම රෝහල රිජ්වේ ආර්යා ළමා රෝහලයි. මේ දිනවල පවතින ආර්ථික අර්බුදය නිසා අපගේ රෝහලට අත්‍යවශ්‍ය ඔෟෂධ, වෛද්‍ය උපකරණ ආදියෙහි අඩුපාඩුවක් පවතිනවා. එවැනි අසීරු අවස්ථාවක ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරය සිදු කළ මෙම පරිත්‍යාගය පිළිබඳව අපගේ රෝහලේ කෘතවේදීත්වය ඔවුන්ට පුද කරනවා.” නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුෂිත සේනාපති මහතා පැවැසීය.“අපගේ ආයතනය සෑම විටම සමාජ සුභසාධන වැඩසටහන්වලට දායකත්වය දක්වනවා. රුක්රෝපණ වැඩසටහන්, භාණ්ඩ පරිත්‍යාග කිරීම් ආදී සමාජ සේවා රැසක අපි නිරත වී තිබෙනවා. මෙය එහි තවත් එක් පියවරක්. ඉදිරියේදීත් අපි මෙවන් සත්කාර්යයන් රැසක නිරත වෙන්න අපේක්ෂා කරනවා” කළමනාකාර අධ්‍යක්ෂ මංජුල ආරියකුමාර මහතා පැවැසීය.