ජන වරමක් ඉල්ලා ජාතික ජන බලවේගයේ ජන රැලියක් 20දා නුගේගොඩදී

0
12

පාර්ලිමේන්තුව වහාම විසුරුවා නව ජන වරමකට යා යුතු යැයි බල කරමින් ජාතික ජන බලවේගයේ සමාරම්භක දැවැන්ත ජන රැලියක් ලබන (20දා) නුගේගොඩදී පැවැත්වීමට කටයුතු  සංවිධානය කර තිබේ. “අරගලයේ ජන බලය” මෙහි ප්‍රධාන සටන් පාඨය වේ. එමෙන්ම  “පාර්ලිමේන්තුව විසුරුවා  මැතිවරණයක් වහා ලබාදෙන්න” යන සටන් පාඨයද මෙහි ප්‍රධාන වන අතර මේ සඳහා ජාතික ජන බලවේගයේ හා ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්, උගතුන්, විද්වතුන්, කලාකරුවන්, බහු ජාතික සංවිධාන හා සිවිල් සංවිධානවල විශාල පිරිසක් සහභාගිවීමට නියමිතය.

ඒ අනුව ලබන (20දා) විජේරාම හන්දියෙන්  පස්වරු 2.30ට පෙළපාළිය ආරම්භ කර පස්වරු 3.30ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග  පීඨයේදී මෙම රැලිය පැවැත්වීමට කටයුතු යොදා ඇත.සර්වපාක්ෂික ආණ්ඩුව මාතෘකාව  තුළ මේ රටට තවදුරටත් සෙතක් සිදු නොවනු ඇති අතර වහාම ජන වරමකට ඉඩකඩ සලසන ලෙස බල කරන සටන් අඛණ්ඩව සිදුකරන බව ජාතික ජන බලවේගයේ ප්‍රකාශකයෙක් “මව්බිම”ට සඳහන් කළේය.

අනුරාධා හේරත්