ගෙල බැඳි රන් මාලය කොල්ලකන්න 76 වියැති කාන්තාව මරලා

0
19

කටුගස්තොට උගුරැස්සපිටිය ප්‍රදේශයේ නිවෙසක් තුළ 76 හැවිරිදි කාන්තාවක් ඝාතනය කර තිබූ බව පොලිසිය පවසයි. ඊයේ (16දා) දහවල් 11ට පමණ පුතා හා ලේලිය නිවෙසින් බැහැර ගොස් සිටි අවස්ථාවක මෙම ඝාතනය සිදුකර තිබෙන අතර අගේ ගෙල තිබූ රන් මාලය කොල්ල කෑම සඳහා මෙම ඝාතනය සිදු කරන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

ඝාතනයට ලක්වූ කාන්තාවගේ දෙඅත් බැඳ රෙදි කැබැල්ලකින් ගෙල සිරකර තිබෙන බවත් පොලිසිය පවසයි. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ අබ්දුල් සලාම් සිත්ති රෆීකා නමැති කාන්තාවකි. අදාළ කාන්තාව ඇගේ පුතා සහ ලේලිය සමඟ නිවෙසේ වාසය කර තිබෙන බවත් ඝාතනය සිදුවන අවස්ථාවේ ඔවුන් කිසිවකුත් නිවෙසේ සිට නොමැති බවත් පොලිසිය පවසයි.

මහනුවර – කමල් සුරවීර