කුඩුත් එක්ක අනූ තුන්දාහක් ගවුම අස්සේ

0
11

වාද්දුව ප්‍රදේශයේ මත්කුඩු බෙදාහරින කතක් මත්කුඩු සහ මුදල් අනූතුන් දහසක් ඇය ඇඳ සිටි ගවුම අස්සේ සඟවාගෙන සිටීයදී පෙරේදා (15දා)  අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

වාද්දුව වේරගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි කාන්තාවක මෙසේ අත්අඩංගුවට ගෙන ඇති  බව පොලිසිය කීය.

ප්‍රධාන පොලිස් පරීක්ෂක චමිල නිශ්ශංක මහතා ඇතුළු පොලිස් කණ්ඩායම සැකකාරියගේ නිවෙස වටලා පරීක්ෂා කිරීමේදී මත්කුඩු නොමැති බවට මුලින් ප්‍රකාශ කර ඇතත්, කාන්තා කොස්තාපල් ජානකී ලවා පරීක්ෂා කිරීමේදී ඇය ඇඳ සිටී ගවුමට යටින් සඟවාගෙන සිටි මත්කුඩු ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 620ක් සහ රුපියල් අනූතුන් දහසක් සොයාගත් බව පොලිසිය කීය. සැකකාරිය පානදුර මහෙස්ත්‍රාත්  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමිල නිශ්ශංක මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් පරීක්ෂක තිලකරත්න, උප පොලිස් පරීක්ෂක බන්දුකුමාර,  සැරයන් චමින්ද (38049), අනුර (27061) සහ කාන්තා කොස්තාපල් ජානකී (4419) වැටලීමට එක්වූහ.

පොතුපිටිය – සුමිත් රණවක