කපිලගේ අවසන් කටයුතු අද තලවතුගොඩදී

0
12

දශක දෙකකට අධික කාලයක් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ක්‍රීඩා වැඩසටහන්නි ෂ්පාදකවරයකු ලෙස සේවය කළ කපිල ක්‍රිෂාන්ත ලියනගේ මහතා හදිසියේ අභාවප්‍රාප්ත විය.

1973 වසරේ පෙබරවාරි 13වැනිදා උපන් කපිල ලියනගේ කොළඹ ආනන්ද විදුහලෙන් අධ්‍යාපනය ලබා ස්වාධීන රූපවාහිනියට එක්වෙමින් විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ තම හැකියාවන් පෙන්නුම් කළේය.

ඒ මහතාගේ දේහය මේ වනවිට තලවතුගොඩ වික්‍රමසිංහපුර, 9 වැනි පටුමගෙහි අංක 53ච් නිවසෙහි තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු අද (17දා) සවස 6ට තලවතුගොඩ වැලිපාර පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.