ඉන්දීය පාපන්දුවට ජාත්‍යන්තරයෙන් වාරණයක්

0
11

ඉන්දීය පාපන්දු සම්මේලනයේ කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ජාත්‍යන්තර පාපන්දු සම්ලෙනය (ජ්ධ්ජ්ඒ) තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ඉන්දීය පාපන්දු සම්මේලය වෙත තුන්වන පාර්ශ්වයක අනිසි බලපෑම් එල්ලවීම පදනම් කර ගනිමින් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මගින් මෙම තීරණය ගෙන ඇති බව මේ සම්බන්ධයෙන් වන මාධ්‍ය වාර්තාවන්හි දක්වා තිබිණි. මෙහිදී ජත්‍යන්තර පාපන්දු සම්මේලන ප්‍රඥප්තිය සැළකිය යුතු ලෙස උල්ලංඝණය කිරීමක් ලෙසින් මෙම භාහිර පාර්ශ්වයක මැදිහත්වීම සළකා ඉන්දීය පාපන්දු සම්මේනය අත්හිටුවීමේ තීරණය ගත් බවත් මේ සම්බන්ධයෙන් නිකුත්කර තිබූ නිවේදනයක දක්වා ඇත.

එහිදී ඉන්දීය මහාධිකරණය පසුගිය මැයි මාසයේදී සමස්ත ඉන්දීය පාපන්දු සම්මේලනය විසුරුවා හැර එය පාලනය කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කරනු ලැබීය. ඒ අනුව මෙලෙස ලබා දුන් තීරණය ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ඉහත තීරණය සඳහා හේතුපාදක වී ඇති බව දැක්වේ.

කෙසේ වෙතත් මෙවන් පසුබිමක් තුල එළැඹෙන ඔක්තෝබර් මාසයේ 11 වැනිදා සිට 30 වැනිදා දක්වා ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතව ඇති වයස අවුරුදු 17න් පහළ කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය මෙයට පෙර සැලසුම් කළ අයුරින් ඉන්දියාවේදී පැවැත්වීමට නොහැකි වනු ඇති බවද සඳහන්ය.

ගමිත දෙහිපිටිය