අසලංක, කුමාර සහ සික්කුගේ ඩුබායි දේශයට

0
9

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය (ILT20) සඳහා ක්‍රීඩාකිරීමට නියමිත අබුඩාබි නයිට් රයිඩර්ස් සංචිතය ඊයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබූ අතර, එයට ශ්‍රී  ලංකා ක්‍රීඩකයින් තිදෙනකු ඇතුළත්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව අබුඩාබි නයිට් රයිඩර්ස් සංචිතයට ඇතුළත් කර ඇති ප්‍රධාන ක්‍රීඩකයින් 14 දෙනා මෙලෙස නිල වශයෙන් නිවේදනය කර තිබිණි. එයට ශ්‍රී  ලංකා මැදපෙල පිතිකරු චරිත් අසලංක, වේගපන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර සහ දඟ පන්දු යවන ක්‍රීඩක සික්කුගේ ප්‍රසන්න ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.

අබුඩාබි නයිට් රයිඩර්ස් සංචිතය – සුනිල් නාරායන්, ඇන්ඩ්‍රි රසල්, ජොනී බෙයාර්ස්ටෝ, පෝල් ස්ටර්ලිං, ළහිරු කුමාර, චරිත් අසලංක, කොලින් ඉංග්‍රම්, අකීල් හුසේන්, සික්කුගේ ප්‍රසන්න, රවී රම්පෝල්, රෙමන් රයිෆර්, කෙනර් ලුවිස්, අලි ඛාන්, බේ‍රන්ඩන් ග්ලොවර්.