අර්ධ අවසන් පූර්ව වටය හෙට

0
12

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ අන්තර් පාසල් දෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග හෙට (18) පැවැත්වේ.

නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල, යාපනය ශාන්ත පැට්රික් විද්‍යාලය, කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාල (බී) පිල, පානදුර රාජකීය විද්‍යාලය, ජා ඇල ක්‍රිස්තුරාජ විද්‍යාලය, කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාල (බී) පිල සහ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාල (බී) පිල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටිති.

ජා ඇල ක්‍රිස්තුරාජ – කුරුණෑගල වයඹ රාජකීය

ජා ඇල ක්‍රිස්තුරාජ විද්‍යාලය සහ කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලය අතර අර්ධ අවසන් පූර්ව තරගය කොළඹ ශාන්ත ජෝශප් පිටියේදී පැවැත්වේ.

ශරිත් සුදීන ජා ඇල ක්‍රිස්තුරාජ විද්‍යාල පිල මෙහෙයවනු ලබන අතර, කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාල පිල කවිඳු දුලංජන විසින් මෙහෙයවනු ලබයි.

ජා ඇල ක්‍රිස්තුරාජ විද්‍යාල සංචිතය: ශරිත් සුදීන (නායක), සමිඳු මධුරංග (උප නායක), ප්‍රමෝද් චතුරංග, අවිෂ්ක නිර්මාල්, රයන් සචින්ත, නවිඳු රසාංජන, ප්‍රමෝද් චාමික, තරුෂ ලක්ෂාන්, කාව්‍ය සංහිඳ, විශ්මිත ආලෝක, දිනේන්ද්‍ර රොෂාන්, නිසල් ප්‍රමෝද්, හෂේන් චන්දූප, ඩිලංක දුෂේන්, උපුල් බස්නායක මහතා (කණ්ඩායම් භාර ආචාර්ය), අශාන් ප්‍රනාන්දු මහතා (ප්‍රධාන පුහුණුකරු), ජූඩ් රොෂාන් මහතා (සහාය පුහුණුකරු)

කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාල සංචිතය: කවිඳු දුලංජන (නායක), කෙත්මික ස්වංජිත්, තනුජ් වික්‍රමසිංහ, කවිඳු වාසල, දිනූෂ තෙන්නකෝන්, උපදි ඉඳුසර, මලිත් ප්‍රේමතිලක, මලීෂ බණ්ඩාර, පංකජ පැහැදුල, ඕෂධ කොඩිකාර, කවිඳු ගයන්ත, මළිඳු නිම්න, කවිෂාන් කරුණාරත්න, යශ්මික ලංසක්කාර, ෂෙනුක අතපත්තු, කමල් සුබසිංහ මහතා (පුහුණුකරු), ඩබ්ලිව්. එම්. වන්නිනායක මහතා (කණ්ඩායම් භාර ආචාර්ය)

කොළඹ රාජකීය (බී) – බම්බලපිටිය ශාන්ත පීතර (බී)

කොළඹ රාජකීය විද්‍යාල (බී) පිල සහ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාල (බී) පිල අතර අර්ධ අවසන් පූර්ව තරගය හෙට (18) මොරටුව ශාන්ත සෙබස්තියන් ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.

කාලිඩ් රහීම්ඩීන් කොළඹ රාජකීය විද්‍යාල (බී) පිල මෙහෙයවනු ලබන අතර, බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාල (බී) පිල සෙනිරු ප්‍රනාන්දු විසින් මෙහෙයවනු ලබයි.

කොළඹ රාජකීය විද්‍යාල (බී) සංචිතය: කාලිඩ් රහීම්ඩීන් (නායක), දීනුක බණ්ඩාර, දුලිත් විජේතුංග, උදන්ත ගගේවත්ත, මේනක හෙයියන්තුඩුව, ඉමාඩ් මීසාන්, වෙනුජ අළුත්ගමගේ, මහිත් රාජපක්ෂ, සී.ඩී. කරුණාරත්න, සී.වී.ඩී. සමරවික්‍රම, මෙසත් පෙරේරා, චිරත් බෝගහලන්ද, සෙනුත් සියඹලාපිටිය, ටරේෂ් බාලගුරු, හරිෂ් වීරක්කොඩි, සතික ද අල්විස්, අනුර ප්‍රශාන්ත මහතා (කණ්ඩායම් භාර ආචාර්ය), රොහාන් සොයිසා මහතා (පුහුණුකරු)

බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාල (බී) සංචිතය:  සෙනිරු ප්‍රනාන්දු (නායක), සවි ප්‍රනාන්දු, අසදිස තේජාන්, දිනෙත් ප්‍රේමරත්න, දිනෙත් ද සිල්වා, මොවින් අමරසිංහ, ඩිමල්ෂ ජයවර්ධන, ඒරොන් මෝසස්, ෂෙනාන් රුචික, දුල්වන් කාස්සප, තරින් සංවිඳු, නිසල් කපිලරත්න, ශලිංක උයංග, සෙනේෂ් විජේරත්න, එනෝෂ් කරුණාරත්න, ශදෙව් පීරිස්, දිනාත් ජයතිලක, මනිෂ්ක පීරිස්, සුමුදු මෙත්සුක, අයිඩන් ඇන්තනී. ප්‍රියදර්ශන කුරේ මහතා (කණ්ඩායම භාර ආචාර්ය), ශානක ප්‍රනාන්දු මහතා (පුහුණුකරු)

ඉෂාන් රශ්මිත