Twitter ගිණුමක් හදන්න ඉක්මන් වෙන්න ඕන ඇයි?

0
346

ලංකාවේ ඇත්තටම Social media ගැන කාගෙන් හරි ඇහුවොත් වැඩියෙන්ම හම්බෙන උත්තර මොනවද? Facebook, Instagram. ඔය දෙක තමයි බහුතරයක් දෙන උත්තරය වෙන්නේ. ඊට අමතරව ලංකාව ඇතුළේ ප්‍රසිද්ධ නැති, ඒත් ඔය කියන Facebook, Instagram වලට වඩා ගොඩක් advance, ලෝකයේ ප්‍රසිද්ධ, විශාල ප්‍රමාණයක් භාවිත කරන, මීට වඩා වෙනත් ආකාරයේ Social Media platform විශාල ප්‍රමාණයක් තියෙනවා.

ඉතිං ඔය Social Media කියන්නේ Facebook, Instagram විතරක් කියල හිතලා සෙලිබි්‍රට් මානසිකත්වයේ ඉන්න අය අනිවාර්යයෙන්ම දැනගන්න ඕන Social Media platform එකක් තමයි Twitter  කියන්නේ.

විශ්වසනීය නිවුස් ලැබීම.

කට්ටිය දන්නවා ඇති ලෝකයේ fake news කියන එක ඉක්මනින්ම පැතිරෙන මාධ්‍ය තමයි social media කියන්නේ. ඒකෙත් මුල් ස්ථානය ගන්නේ ජ්චජඥඡධධඬ කියල අවිවාදයෙන් කියන්න පුළුවන්. මොකද අවුරුද්දකට කලින් ශෙයාර් වුණ කිසියම් ලේ වර්ගයක ලේ අවශ්‍යයි කියන පෝස්ට් එක තාම share වෙනවා. ඒ වගේමයි, කිසිම වගකීමකින් තොරව reach එක ගන්න විවිධාකාරයේ පේජ්වල ඇඩ්මින්ලා විසින් මවන පුවත් එහෙම හිතාගන්නවත් බැරි ඉක්මනින් පැතිරෙන විශාලතම මාධ්‍ය තමයි ජ්චජඥඡධධඬ කියන්නේ.

ඒත් Twitter කියන්නේ ඒ වගේ ෆේක් නිවුස් පැතිරෙන මාර්ගයක් නෙවෙයි. මොකද Twitter එකේ හැම නිවුස් එකක්ම වගේ ඉතාමත් ඉක්මනින්ම ලබාගන්න පුළුවන්. දැන් දැන් දේශපාලනඥයන් පවා තම පණිවුඩ නිකුත් කරන නිල මාධ්‍ය ලෙස භාවිත කරන්නේ Twitter  එක. ඒකෙනුත් ඉදිරියෙන්ම ඉන්නේ Donald Trump.

ඒ විතරක්ම නෙවෙයි, ලෝක ප්‍රකට ක්‍රීඩකයෝ, ව්‍යාපාරිකයෝ, සමාගම් එකී මෙකී නොකී සෑම දෙනාම වගේ වැඩියෙන්ම භාවිත කරන්නේ Twitter  ජාලය. ඉතින් Twitter  කියන්නේ වගකීමකින් යුතුව නිවුස් එකක් ලබාගන්න පුළුවන් මාධ්‍යයක්.

නිර්මාණශීලිත්වය වර්ධනය වීම

සාමාන්‍යයෙන් මොනවම හරි සිද්ධියක් වුණාම ෆේස්බුක් ජනතාවගේ කාර්ය තමයි දිග හෑලි, කවි, රචනා ලියන එක. ඒ වගේම ඔය මොකක් හරි පේජ් එකකින් දාන පෝස්ට් එක දහ අතේ ශෙයාර් කරන එක. එහෙමත් නැත්නම් ඒ පේජ්වලින් හදපු පෝස්ට් එකක් කොපි කරල තමන්ගේ වගේ ටයිප් කරලා දාල පබ්ලිශ් කරන එක.

ඒත් Twitter  එකේදි ඔය හෑලි සිද්ධිය බෑ. මොකද Twitter  එකේ එක පාරකට ටයිප් කරන්න පුළුවන් අකුරු 280යි. දාන සෙල්ලමක් ඔන්න ඔය අකුරු 280 ඇතුළේ තමා දාන්න ඕනේ. ඉතිං හිතන්නකෝ කොයි විදිහේ නිර්මාණශීලීත්වයක් තියෙන්න ඕනෙද කියල ඒ වගේ අකුරු කිහිපයකින් තමන්ගේ අදහස් එකට කැටි කරලා අනිත් අයත් එක්ක බෙදාගන්න. ඒත් එහෙම බැරි වෙලාවකදී thread එකක් වගේ අරගෙන යන්න පුළුවන්.

මෙන්න මේ හේතුව නිසාම ගොඩක් වෙලාවට Twitter එකේ ඉන්න කෙනෙක්ගේ Profile එකට ගියොත් අපිට දකින්න ලැබෙන්නේ වැඩි හරියක් ඒ කෙනාගේම සිතුවිලි.

ඒත් අවාසනාවකට දැන් ජ්චජඥඡධධඬ නචඨඥ කරන ගොඩක් අය කරන්නේ Twitter  එකට ඇවිත් ඊඹඥඥබඵ උස්සලා අරගෙන පේජ්වල පෝස්ට් හදලා තමන්ගේ වගේ දාන එක.

භාෂාමය දැනුම වර්ධනය වීම

Twitter  එක කියන්නේ විවිධ භාෂාවලින් කතා කරන අය එක්ක interact වෙන්න පුළුවන් social media platform එකක්. ලංකාවේ වුණත් ඉන්න celebritiesලා වුණත් බඹඥඥබ කරන්නේ ඉංග්‍රීසි භාවිත කරලා. සාමාන්‍ය ජනයා වැඩි හරියක් සිංහලෙන් බඹඥඥබ කරනවා වුණත් දෙකම කලවමේ භාවිත කරනවා. ඉතිං ඉතාමත් ඉක්මනින් අපේ vocabulary එක වර්ධනය කරගන්න පුළුවන්.

තවත් inbuilt translator එකක් එන නිසා වෙනත් භාෂාවලින් තියෙන tweets ඉංග්‍රීසියට හරවලා අපිට බලන්නත් පුළුවන්. මේ හේතුව නිසා අපිට ඉංග්‍රීසි වගේම තවත් භාෂාවන් ඉගෙන ගන්න පුළුවන්.

සමාගම සමඟ සම්බන්ධ විය හැකි වීම

තවත් එක වාසියක් තමයි, අපිට ප්‍රශ්නයක් ආවම අදාළ සමාගම ඍජුව සම්බන්ධ කරගෙන එයට අදාළ විස¾දුම ඉක්මනින් ලබා ගැනීමට හැකියාව ලැබීම. උදාහරණයකට ගත්තොත් උඩ Screenshot එකේ දාලා තියෙන්නේ මට ආපු ප්‍රශ්නයක් සම්බන්ධයෙන් Dialog Axiata සමාගමේ Twitter account එකට Tweet  එකක් මඟින් යොමු කළාම personalize service එකක් ලබා දීම.

වයස් භේදයක් නොතිබීම

Twitter  හි විවිධ රුචිකත්වයන් ඇති පුද්ගලයන් සිටින නිසා, ඔබේ වයස නොසලකා ඔබ සඳහා අන්තර්ගතයන් ඇති ඔබට සහතික විය හැකිය. එයින් අදහස් වන්නේ ඔබ නව යොවුන් වියේ පසුවන්නේද නැතහොත් ඔබේ පනස් ගණන්වල පසුවන්නේද යන්න ගැටලුවක් නොවන බවයි.

එය ක්‍රීඩා, විනෝදාස්වාදය හෝ ව්‍යාපාර සම්බන්ධ පුවත් වේවා, වැනි විවිධ පරාසයන්ගේ අන්තර්ගතවලින් යුක්තයි. ඔබේ රුචිකත්වය පිළිබඳව බඹඪබබඥප ගිණුමේ ඔබ සඳහන් කර ඇතිනම් එවිට ඔබේ Twitter  ගිණුම අදාළ අන්තර්ගතය සන්දර්ශන කරයි.

ඉභනඥප ජ්ධතතධඹඵ පහසුකම

මෙහිදී සිදු වන්නේ Twitter  පරිශීලකයන්ට තම followers ලා හට පිවිසීමට අවශ්‍ය විශේෂ අන්තර්ගතයන් වේ නම් ඒවා සඳහා පිවිසීමට යම් මුදලක් අය කිරීමේ අවස්ථාව ලබාදීම. එමෙන්ම මේ සඳහා ඔවුන්ගේ කැමැත්ත අනුව විවිධ groups create කර ඒවා වෙත එකතු වීමේ හැකියාවද පිළිබඳවද ඔවුන් විසින් නිවේදනය කර ඇත. Super Follower පහසුකම හරහා යම් පුද්ගලයකුට තම followers ලාට අවශ්‍ය කෙරෙන අතිරේකයන් මුදල් අයකිරීමකින් යුතුව ලබාදීම කරන්න පුළුවන්. මෙහිදී Bonus tweets, community group access, newsletter subscriptions සහ තමන්ට සහාය දක්වන අයට ඡචඤඨඥ එකක්ද ලබාදීමේ පහසුකම් පවතී.

ශෙනායා හේවාගම