Yuan Wang 5: චීන නැව හම්බන්තොටට පැමිණෙයි (LIVE)

0
653

ආන්දෝලනයට තුඩු දුන් චීන විද්‍යාත්මක පර්යේෂණ යුවාන් වැන්ග් 5 නෞකාව මීට සුළු මොහොතකට පෙර හම්බන්තොට වරාය වෙත පැමිණ තිබේ.

එම නෞකාවට මේ මස 16 වන දා හම්බන්තොට වරායට ඇතුළුවීමට රාජ්‍ය තාන්ත්‍රික අවසරය හිමි වී තිබිණි.

මෙම අවසරය ලබා දී තිබුණේ, ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය තුළදී ස්වයංක්‍රිය හඳුනා ගැනීමේ පද්ධතිය (AIS) ක්‍රියාත්මක කර තබා ගැනීම සහ ශ්‍රී ලංකා මුහුදේ කිසිදු විද්‍යාත්මක පර්යේෂණ සිදු නොකළ යුතු බවට ආරක්‍ෂක අමාත්‍යංශය විසින් අවධාරණය කළ කොන්දේසි මත ය.

ඒ අනුව, මෙම නෞකාව අගෝස්තු 16 සහ 22 අතර කාලය තුළ ඊට අවශ්‍ය සැපයුම් ලබා ගැනීමට නියමිත ය.

හම්බන්තොට වරායේ සජීවී දර්ශන පහතින් නරඹන්න…

https://youtu.be/EqEX8xXQiEo

ඡායාරූප: @CliveRossairo / twitter