75 වන නිදහස් දින සමරු උළෙල සංවිධානයට කැබිනට් අනුකමිටුවක්

0
341

2023 පෙබරවාර 4 වන දාට යෙදෙන ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් දින සමරු උළෙලේ කටයුතු සංවිධානය කිරීම සහ මෙහෙය වීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, සෞඛ්‍ය හා ජලසම්පාදන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් යන අමාත්‍යවරුන් අදාළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ සාමාජිකයින් ලෙස පත් කර ඇත.

ඊට අදාළ යෝජනාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර එයට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.