හදිසි නීතිය මර්දනයට යොදාගැනීම සර්වපාක්ෂික ක්‍රියාවලියට බාධාවක්

0
29

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය මර්දනකාරී ක්‍රියා සඳහා යොදා ගනිමින් තිබෙන බවත් එවැනි ක්‍රියා තම පක්ෂය දැඩි ලෙස හෙළාදකින බවත් ශ්‍රී  ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ සඳහන් කර ඇත.

එසේ හදිසි නීතිය යොදා ගනිමින් සාමකාමී අරගල යක නිරත වූ තරුණ පිරිස් අත්අඩංගුවට ගැනීමේ සිද්ධි රාශියක් මේ වන විට වාර්තා වී ඇති නිසා එවැනි අසාධාරණ ක්‍රියාමාර්ග වහා නවතා දමන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටින බවද වීරසිංහ මහතා සඳහන් කර තිබේ.

රටේ සියලුදෙනා මේ වන විට සර්වපාක්ෂික ආණ්ඩු යාන්ත්‍රණයක් ඉල්ලා සිටින  අවස්ථාවේ මෙවැනි ක්‍රියා සිදුකිරීම තුළින් එම යාන්ත්‍රණය සිදුකිරීම අපහසු වන බවද කොමියුනිස්ට් පක්ෂයේ ලේකම්වරයා සඳහන් කර ඇත.

එම නිසා මර්දන නවතා දමා සාමකාමී අරගලකරුවන් ඉල්ලූ දේශපාලන, ආර්ථික ප්‍රතිසංස්කරණ රටේ ස්තාපිත කළ යුතු යැයිද  හදිසි නීතිය   මර්දනයට යොදා ගැනීම වහා නතර කළ යුතු යැයිද ශ්‍රී  ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා සඳහන් කර තිබේ.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය