විමලවීර දේශපාලනයෙන් සමුගන්න තීරණය කරයි

0
35

ක්‍රම වෙනසක් ඉල්ලා අරගල කළ අය එම ක්‍රම වෙනස ඇතිකරන තුරු දේශපාලනයෙන් ඉවත්ව තමා කටයුතු කරන බව ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පැවැසීය.

ඒ අනුව තමා නැවත මැතිවරණ සඳහා ඉදිරිපත් නොවන බවද පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවීර දිසානායක පැවැසීය.

අරගලකරුවන්ට අවශ්‍ය අප වැනි නායකයන් දේශපාලනයෙන් ඉවත් කිරීමට නම් ඊට තමා අනුගත වන බවද විමලවීර දිසානායක කීය.

සිස්ටම් චේන්ජ් ඉල්ලූ පිරිස් එම වෙනස සිදුකර පෙන්වන ලෙසද ඒ දෙස තමා දේශපාලනයෙන් ඉවත් වී බලා සිටින බවද විමලවීර දිසානායක මන්ත්‍රිවරයා කීය.

ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවැසීය.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය