මාල හොරා හඹාගොස් ඇල්ලූ ආධුනික කොස්තාපල් ඇගයේ

0
30

උණවටුන වැල්ල දේවාලයේ උත්සවයට පැමිණි ග්‍රාම නිලධාරිවරියකගේ ගෙල බැඳි රුපියල් 40,000ක් පමණ වටිනා රන් මාලය කොල්ලකන ලද සැකකාර සිසුවා පසුපස හඹාගොස් සිසුවා අත්අඩංගුවට ගන්නා ලද ආධුනික පොලිස් කොස්තාපල්වරයාගේ සේවය අගයා ඔහුට ත්‍යාග මුදල් පිරිනැමීමට පසුගියදා (13දා) දිනයේම ගාල්ල ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා විසින් පියවර ගන්නා ලදී.

ත්‍යාග මුදල් පිරිනමා මෙසේ ඇගැයීමට ලක්කරනු ලැබුවේ ගාල්ල පොලිසියට අනුයුක්ත ආධුනික කොස්තාපල් හේරත් (100100) මහතාය.

මෙහිදී ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයා කියා සිටියේ නිලධාරීන් දිරිමත් කිරීම සඳහා වහාම මෙසේ ත්‍යාග මුදල් පිරිනැමීමට පියවර ගත් අතර ඉදිරියටත් ක්ෂණික ඇගැයීම් කරන බවය. මෙම අවස්ථාවට පොලිස් අධිකාරි සනත් අමරසිංහ, වසන්ත කෝරළගේ යන මහත්වරුද එක්ව සිටියහ.

ගාල්ල _ ෆර්හාන් නිසාම්දින්