ගෝඨාභය මෙරටට ගෙන්වා ගැනීමට රජය මැදිහත් විය යුතුයි

0
14

රටින් පලාගොස් සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙරටට ගෙන්වා ගැනීම සඳහා වත්මන් රජය කඩිනමින් මැදිහත් විය යුතු බවට අපේ ශ්‍රී  ලංකා ජාතික ව්‍යාපාරය අවධාරණය කරන බව එහි සභාපති විමුක්ති දුශාන්ත පැවැසීය.

හිටපු ජනාධිපතිවරයාව නැවත ලංකාවට ගෙන්වා ගැනීමෙන් පසුව ඔහු තනතුරට පත්වීමට පෙර පැවැති නඩු නැවත විමසීමට කටයුතු කළ යුතු බවත් ඔහුට විරුද්ධව තිබෙන චෝදනා සම්බන්ධයෙන් රටේ පවතින නීති රීති අනුව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පුරවැසියාට අවස්ථාවක් ලබාදිය යුතු බවත් ඔහු සඳහන් කළේය.

එසේම ජනාධිපතිවරයා වෙත ඇති මුක්තිය ඉවත් කිරීමට, එම තනතුරු දරන අවස්ථාවේ ගන්නා ලද තීන්දු අභියෝගයට ලක් කිරීමත් ඒ වෙනුවෙන්  වගවීමේ ක්‍රියාවලියක් ඇති කිරීමට රජය පියවර ගත යුතු බවත් ඔහු පැවැසීය.

රටේ බහුතර පාලකයන්ගේ හිතුවක්කාරී සහ වගකීම් විරහිත ලෙස කටයුතු කිරීමට පුරවැසියන් දැඩි බලපෑමකට පත්ව ඇති නිසා ජනාධිපති තනතුරට වගවීමේ ක්‍රියාවලියක් නිර්මාණය කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවැසුවේය.

මිතුන් ජයවර්ධන