කැනඩා සංවිධානයකින් ලංකාවට උදව්වක්

0
20

කැනඩාවේ ලෝක විශ්වවිද්‍යාල සේවය (WUSC)  නමැති කැනේඩියානු සංවිධානය මඟින් මෙරට අඩු අවධානයට ලක්වූ පුද්ගලයන්ගේ ජීවිත සහ ජීවනෝපාය වැඩි දියුණු කිරීමේ අරමුණින් ස්වේච්ඡා, වැඩසටහනක්, නැවත ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් එලෙස සඳහන් කරන අතර ඒ යටතේ නිපුණතා සංවර්ධන ක්‍ෂේත්‍රවල, ශ්‍රී  ලංකාවේ තරුණ, කාන්තා යන අනෙකුත් විශේෂිත ඉලක්ක කණ්ඩායම් සඳහා සේවය සැපයීමට සූදානම් බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම වැඩසටහන ශ්‍රී  ලංකාවේ ක්‍රියාත්මක කිරීම සඳහා කැනඩාව කැනේඩියානු ඩොලර් මිලියන දෙකයි හත්ලක්ෂ හැට දෙදහස් අටසිය පනස් දෙකක (CAD2,762,852.00) පිරිවැයක් දරා ඇත.

2027 වර්ෂය දක්වා එම වැඩසටහන ක්‍රියාත්මක වේ.

ඊට අදාළ අවබෝධතා ගිවිසුම මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන මහතා සහ ශ්‍රී  ලංකාවේ කැනඩාවේ මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා ඉකුත් 15 වැනිදා අස්සන් කරනු ලැබිණි.

කැනඩාවේ ලෝක විශ්වවිද්‍යාල සේවය (wusc) සේවය යනු ලාභ නොලබන සංවිධානයක් වන අතර ලොව පුරා සිටින අඩු වරප්‍රසාද ලත් තරුණයන් සහ කාන්තාවන් සඳහා අධ්‍යාපනය, රැකියා සහ සවිබල ගැන්වීම සඳහා වන අවස්ථා නිර්මාණය කිරීමට පිහිටුවන ලද්දක් වේ.  

අමිල අබේරත්න