කතකගේ පා පහරින් කොන්‍ෙදාස්තර බසයෙන් එළියට

0
259

ධාවනය වෙමින් පැවති බස් රථයක කොන්‍ෙදාස්තරවරයකු කාන්තාවකගේ පා පහරකින් එළියට ඇදවැටුණු පුවතක් මහනුවර – කොළඹ මාර්ගයේ බස් රථයකින් වාර්තා විය.

කිරිබත්ගොඩට ආසන්න ප්‍රදේශයකින් බස් රථයට නැඟ ඇති සිද්ධියට සම්බන්ධ කාන්තාවට ප්‍රවේශ පත්‍ර ලබා ගන්නා ලෙස කොන්‍ෙදාස්තරවරයා කිහිපවරක් පවසා ඇත. එයට උරණ වූ කාන්තාව කඩවත නගරයට ආසන්නයේදී පා පුවරුවේ රැඳී සිටි කොන්‍ෙදාස්තරවරයාට පා පහරක් එල්ල කර ඇත.

ඒ වන විටත් ධාවනය වෙමින් පැවති බස් රථයෙන් කොන්දොස්තරවරයා වැටී ඇති අතර රථයේ ගමන් කළ මගීහු ඒ බව රියැදුරාට පවසා බස් රථය නතර කරගෙන ඇත. අනපේක්ෂිත මොහොතක එල්ල වූ පා පහරින් මහ මඟට වැටී දැඩි තුවාල ලැබූ කොන්‍ෙදාස්තරවරයා ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කර ඇති අතර මෙම අවස්ථාවේ කලහකාරී ලෙස හැසිරුණු පහරදීම සිදුකරන ලද කාන්තාව මගීන් විසින් අල්ලා ගනු ලැබ පොලිසියට භාරදී ඇත.

කඩවත පොලිසිය විසින් සිදුකරන ලද මූලික විමර්ශනවලින් අනතුරුව පහරදීම සිදුකළ කාන්තාව රාගම මානසික රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොමු කරන ලද බවත් වාර්තාවේ.

මිතුන් ජයවර්ධන