කණ්ඩායම් 7ක් තෙවැනි වටයට

0
21

ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේදී කණ්ඩායම් 7ක් තෙවැනි වටයට සුදසුකම් ලැබීමට සමත්වූහ.

දෙවැනි වටයේ තරගවලදී ජය ලැබූ වත්තල ශාන්ත අන්තෝනි, ක¼දාන දි මැසිනෝද්, බම්බලපිටිය ශාන්ත පීතර, මහනුවර ත්‍රිත්ව, මොරටුව ශාන්ත සෙබස්තියන්, බලපිටිය රේවත සහ ගාල්ල රිච්මන්ඩ් තෙවැනි වටයට සුදුසුකම් ලැබූහ.මෙම තරගයකදී බලපිටිය රේවත විද්‍යාලය හමුවේ මාතර ශාන්ත තෝමස් විද්‍යාලය ලකුණු 3කින් පරාජයට පත්වීම විශේෂයෙන් කැපී පෙනිණි.

දෙවැනි වටයේ තරග ප්‍රතිඵල

වත්තල ශාන්ත අන්තෝනි-මහනුවර ශාන්ත සිල්වෙස්තර

ශාන්ත අන්තෝනි – 148 (චමෝද් සංදීප නොදැවී 47, තිමිර ලියනගේ 24/4, නිමේෂ් සිල්වා 31/3), ශාන්ත සිල්වෙස්තර – 126 (යෝෂිත ඉසුරංග 47, චමෝද් සංදීප 16/3, ඩිලංක මධුෂාන් 36/3)

ශාන්ත අන්තෝනි විද්‍යාලයට ලකුණු 22ක ජයක්. 

ක¼දාන දි මැසිනෝද්-මාතර ශාන්ත සර්වේෂස්

ශාන්ත සර්වේෂස් -139 (රිසිනු කිත්නුක 36, තරීන් සංකේත් 25/3, ජුඩ් ෂෙනාල් 37/3), දි මැසිනෝද් – 141/1 (කෙනුල් ධනංජය නොදැවී 82, හසින්ත දසුන්ප්‍රිය නොදැවී 30)  

දි මැසිනෝද් විද්‍යාලයට කඩුලු 9ක ජයක්.

බම්බලපිටිය ශාන්ත පීතර-කුරුණෑගල මලියදේව

ශාන්ත පීතර – 247/8 (දිලන දම්සර 68, නේදන් ඩේවිඩ් 35, කවීෂ බාලසූරිය 45/3, විනූධ මාපා 52/3), මලියදේව- 205 (සංදීප බණ්ඩාර 66, විනූධ මාපා 43, දිලන දම්සර 35/3, සජිත් ගාල්ලගේ 49/3)

ශාන්ත පීතර විද්‍යාලයට ලකුණු 42ක ජයක්.

මහනුවර ත්‍රිත්ව-කොළඹ ඩී.එස්. සේනානායක

ඩී.එස්. සේනානායක – 144 (ෂොනාල් සෙනරත්යාපා 39, ස්වේප් අනුරජීව 24/2, මලිත් රත්නායක 25/2), ත්‍රිත්ව – 145/8 (ජයවි ලියනගම නොදැවී 32, අකිධ වීරසූරිය 19/2, රධිෂ බණ්ඩාරනායක 22/2)

ත්‍රිත්ව විද්‍යාලයට කඩුලු 2ක ජයක්.

මොරටුව ශාන්ත සෙබස්තියන්-වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස්

ශාන්ත ජෝශප් වාස් – 118 (විමුක්ති ඉෂාර 38, විමාත් දින්සර 17/3, ආකාෂ් දිසානායක 19/3), ශාන්ත සෙබස්තියන් – 119/5 (අධීෂ් අල්මේදා 58, විමාත් දින්සර නොදැවී 24, තත්සර සමිඳු 29/2)                                                                        

ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට කඩුලු 5ක ජයක්.

බලපිටිය රේවත-මාතර ශාන්ත තෝමස්

රේවත – 140 (කවීෂ මෙන්ඩිස් 59, ලෝෂිත දික්සිත් 26/3, පෙසඳු සංජාන් 14/2, මනුග යොනාල් 22/2), ශාන්ත තෝමස් – 137  (පූර්ණ රන්යුරු 18/3, ෂෙහාන් මධුසංක 18/3, මලිත් මිහිරංග 18/2, කවීෂ මෙන්ඩිස් 32/2)                                                     

රේවත විද්‍යාලයට ලකුණු 3ක ජයක්.

ගාල්ල රිච්මන්ඩ්-අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද

රිච්මන්ඩ් – 166 (චාරුක ගුණසේකර 81, සිතුම් ද සිල්වා 10/5), ශ්‍රී දේවානන්ද – 106 (ළහිරු කාවින්ද 30, මයුර මල්ෂාන් 28, පුබුදු මිහිරංග 23/5, යූරි කොත්තිගොඩ 11/2) 

රිච්මන්ඩ් විද්‍යාලයට ලකුණු 60ක ජයක්.

ඉෂාන් රශ්මිත