කණ්ඩායම් 32ක් දෙවැනි වටයට

0
12

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අවුරුදු 15න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයට සුදුසුකම් ලැබීමට කණ්ඩායම් 32ක් සමත්වූහ.

ශූරතාව දිනාගැනීම වෙනුවෙන් කණ්ඩායම් 86ක් පළමු වටයේදී කාණ්ඩ 13ක් යටතේ තරග වැදුණු අතර, පළමු වටයේ ඒ ඒ කාණ්ඩවල දස්කම් දැක්වු කණ්ඩායම් 32ක් දෙවැනි වටයට සුදුසුකම් ලැබූහ. දෙවැනි වටයේ සිට පිළිමලුන් පිටුදැකීමේ ක්‍රමයට තරග පැවැත්වේ.

කොළඹ නාලන්දා, කොළඹ මහනාම, බම්බලපිටිය ශාන්ත පීතර, කොළඹ ආනන්ද, ජාඇල ක්‍රිස්තුරාජ, මොරටුව වේල්ස් කුමර, වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස්, පානදුර ශාන්ත ජෝන්, කෑගලු විද්‍යාලය, ගාල්ල මහින්ද, ගාල්ල රිච්මන්ඩ්, මහනුවර ත්‍රිත්ව සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි යන කණ්ඩායම් පළමු වටයේදී තම කාණ්ඩයන්හි ශූරයන් ලෙස දෙවැනි වටයට සුදුසුකම් ලැබූහ.

ගල්කිස්ස ශාන්ත තෝමස්, කොළඹ රාජකීය, කොළඹ වෙස්ලි, කොළඹ ශාන්ත ජෝශප්, වත්තල ශාන්ත අන්තෝනි, මොරටුව ශාන්ත සෙබස්තියන්, මීගමුව මාරිස්ටෙලා, රද්‍ෙදාළුව ශ්‍රී ප්‍රඥානන්ද, පානදුර ශ්‍රී සුමංගල, රත්ගම දේවපතිරාජ, මාතර රාහුල, මහනුවර ශාන්ත සිල්වෙස්තර සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය තම කාණ්ඩයන්හි අනු ශූරයින් ලෙස දෙවැනි වටයට සුදුසුකම් ලැබූහ.

අම්බලන්ගොඩ ධර්මාශෝක, කොටහේන ශාන්ත බෙනඩික්ට්, කෝට්ටේ ජනාධිපති, මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසල, කැළණිය ගුරුකුල සහ කොළඹ ලුම්බිණි විද්‍යාල තරගාවලියේ පළමු වටයේ ඒ ඒ කාණ්ඩයන්හි තෙවැනි ස්ථානයට පත්වූ කණ්ඩායම් අතුරින් පළමු හයදෙනා ලෙස දෙවැනි වටයට සුදුසුකම් ලැබූහ.

ඉෂාන් රශ්මිත