‘ඒ’ කොටසේ අනු ශූරතාව සා.ජෝශප්ට

0
13

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය මගින් සංවිධානය කරනු ලබන ඩයලොග් පාසල් ලීග් රග්බි තරගාවලියේ ‘ඒ’ කොටසේ අනුශූරයින් ලෙස සම්මාන දිනා ගැනීමට කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය ඊයේ (15දා) පස්වරුවේ සමත් විය.ඒ අනුව කොළඹ වෙස්ලි විද්‍යාලය සමඟින් පැවැති තරගයෙන් ලකුණු 26-11ක ප්‍රසාද ලකුණු ජයක් හිමිකර ගනිමින් සාන්ත ජෝසප් විදුහල මෙවර අනුශුරතාවයට හිමිකම් කීවේය. මේ අතර සාන්ත ජෝශප් විද්‍යාලයේ නවීන් මාරසිංහ තරගාවලියේ වැඩිම උත්සාහක දිනුම් වාර්තා කළ ක්‍රීඩකයා ලෙසින් සම්මාන දිනා ගත්තේය.

ප්‍රවීන් මෙම තරගාවලියේ තරග 7ක් තුළ උත්සාහක දිනුම් 7ක් වාර්තා කරමින් දස්කම් දක්වා තිබිණි. එමෙන්ම පෙරේදා පැවැති තරගයෙන් කොළඹ රාජකීය විදුහලට එරෙහිව ලකුණු 21-15ක පහසු ජයක් වාර්තා කරගත් අපරාජිත ඉසිපතන විදුහල මෙවර තරගාවලියේ ලීග් ශූරතාවය වෙනුවෙන් ‘මේජර් මිල්රෝයි ප්‍රනාන්දු ශූරතාවට’ හිමිකම් කීවේය. ඒ අනුව මෙවර තරගාවලියේදී කොළඹ රාජකීය විදුහලට තෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.