ප්‍රබල ඇමති දියණියගේ ලක්ෂ 25ක මුද්ද ගත් මේසන් බාස් අල්ලයි

1
878

දිවයිනේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ දියණියකට අයත් රුපියල් ලක්ෂ 25ක් වටිනා මැණික් ඇල්ලූ මුද්දක් සොරාගත් මේසන් බාස්වරයෙකු කිරින්ද පොලිසිය විසින් ඊයේ (අගෝ. 14) අත්අඩංගුවට ගෙන ගනු ලැබ තිබේ.

ඇමැති දියණිය ඇගේ සැමියා ඇතුළු පිරිසක් සමග යාල ප්‍රදේශයේ සංචාරයක් සඳහා පැමිණ සිට ඇති අතර ඉන් අනතුරුව ඔවුන් එම ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන තිබේ.

පෙරේදා දහවල් ඔවුන් එම හෝටල් පරිශ්‍රයේ පිහිටි නාන කාමරවල දියනාමින් සිට ඇත. එක පෙළට පිහිටා ඇති නාන කාමර වෙන්කර ඇත්තේ, කුඩා බිත්තිවලින් බව පොලිසිය කියයි. එහිදී ඇමැති දියණිය එක් නාන කාමරයක දිය නෑමට පෙර ඇගේ අත තිබූ මැණික් මුදුව ගලවා කාමර බිත්තිය මත තබා ඇත.

ඒ මොහොතේ නාන කාමරයක සිටි අයෙක් සර්පයෙක් පැමිණ ඇති බවට කෑගැසීමෙන් අනතුරුව ඇමති දියණිය ද නාන කාමරයෙන් පිටතට පැමිණ ඇත. ඇයට තම මුද්ද මතක් වී ඇත්තේ ඉන් පසුව ය. එහෙත් ඒ වන විට මුද්ද අතුරුදන් වී ඇතැයි පොලිසිය කීය.

පසුව මේ බව හෝටල් කළමනාකරුට දැනුම් දීමෙන් පසු මේ බව කිරින්ද පොලසියට පැමිණිලි කර තිබේ. පසුව නිලධාරීන් කළමනාකරුගෙන් සහ එහි සේවකයන්ගෙන් ප්‍රශ්න කර තිබේ. පසුව හෝටලයේ සේවය කළ පෙදරේරුවකු ගැන සැක සිතූ පොලිසිය පසුව හෝටලයේ සී.සී.ටී.වී. කැමරා පද්ධතිය පරීක්ෂා කොට ඒ බව තහවුරු කර ගෙන ඇත.

අනතුරුව ඔහුගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේදී සැකකරු පවසා ඇත්තේ තමා හෝටලයේ වැසිකිළිය පිහිටි ප්‍රදේශය අසලින් යද්දී බැම්මක් උඩ තිබී එම මුද්ද ගත් බව ය.

ඒ හිමිකරුවකු නොදුටු නිසා බව ද ඔහු පවසා තිබේ.

දකුණු පළාතේ මාතර – තංගල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතාගේ උපදෙස් සත කිරින්ද පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ විමර්ශන පවත්වා ඇත.

1 COMMENT

  1. දැන් මේ වෙන මුද්දක්නෙ පෙන්නන්නෙ. මීට ඉස්සෙල්ල ලක්ෂ 25 හක මුද්ද නැති උණා කියල නියම මුද්ද මාධ්‍යයෙන් පෙන්නුහම ජනතාව පුශ්න කර comment දැම්ම මෙච්චර වටිනාකමක් තියන මුද්දක් පලදින්ඩ මෙයාට කොහෙන්ද සල්ලි, මේව මේ අප්පගෙ කප්පං සල්ලි කියල. අනික මේවට බදු ගෙවපු සල්ලිද කියල. ඒකට බය උන කප්පං බඩා දැන් වෙන මුද්දක් පුදර්ශනය කරනව. මුන්ගෙ හිතේ ලංකාවෙ මිනිස්සු කන්නෙ තනකොල කියල.මේවගේ එවුන් තමයි ඇමතිල. උන්ගෙ වගේම උන්ගෙ ලමයින්ගෙත් ලැජ්ජ නහරෙ කපල . අප්පගෙ කප්පං සල්ලි වලිං සෙල්ලං කරන්ඩ. බලාගෙන ගොරෝන වෙලාවට ඕක දාගෙන එලියට යන්ඩ එපා. හෙන පාත් වෙයි.

Comments are closed.