ඩුබායි ඉන්න හරක් කටාගේ ලංකාවේ වෙඩික්කරු ‘කදිරා’ අල්ලයි

1
434

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘හරක් කටා’ හෙවත් නදුන් චින්තක වික්‍රමරත්න නමැත්තාගේ ප්‍රධාන කුලී වෙඩික්කරුවෙකු වන ‘කදිරා’ නමැත්තා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ඊයේ (අගෝ. 14) සවස අත්අඩංගුවට ගනු ලැබ ඇත.

සැකකාර කදිරා විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ, බොරලැස්ගමුව ප්‍රදේශයේ සැඟව සිටියදී ය.

හරක් කටා විසින් දෙනු ලබන නියෝග මත මොහු මිනිස් ඝාතන සිදුකර ඇති අතර මේ වසරේ සිදුකළ වෙඩිතැබීම් දෙකක් හඳුනාගෙන ඇතැයි විශේෂ කාර්ය බළකාය කීය.

2022 අප්‍රේල් මස 5 වන දා වැලිගම ප්‍රදේශයේදී චූටි මාමා නමැත්තෙකුට සහ 2022 මැයි 14 වන දා ජැකා හෙවත් රොෂාන් නමැත්තාට මොහු වෙඩි තබා ඇතත් ඔවුන් ජීවිතක්ෂයට පත්ව නොතිබූ බව බළකාය කිය යි.

සංවිධානාත්මක අපරාධ මර්දන මෙහෙයුම් ඒකකයට ලද තොරතුරක් මත මොහු කොටුකර ගෙන ඇති අතර මිනිස් ඝාතන සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරු වැලිගම පොලිසියට අවශ්‍යව තිබිණි.

සැකකරුගෙන් ඊයේ රාත්‍රිය වන විටත් ප්‍රශ්න කරමින් සිට ඇති අතර මිනිස් ඝාතන සිදු කිරීම සඳහා ඔහු භාවිත කළ ගිනිඅවිය සොයා ගැනීමට නිලධාරීන් දැඩි උත්සාහයක් දරමින් සිටී.

විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය මත වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ.

1 COMMENT

Comments are closed.