නොරොච්චෝලේ බිඳ වැටීමක්

0
400

නොරොච්චෝලේ බලාගාරයේ පළමු ඒකකයේ බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

එම දෝෂය හඳුනා ගැනීමට තාක්ෂණික කාර්ය මණ්ඩලය මේ වන විට කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයා එහි දක්වා ඇත.

ඔහු පෙන්වා දෙන්නේ, බලාගාරයේ දෙවන ඒකකයේ නියමිත නඩත්තු කටයුතු සිදු කරමින් පවතින බව ත් බලාගාරයේ තුන්වන ඒකකය අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ත් ය.

විදුලි සැපයුම කළමනාකරණය කිරීම සඳහා බටහිර වෙරළ සහ අනෙකුත් ඉන්ධන බලාගාර භාවිතා කරමින් සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් එහි සඳහන් කර තිබේ.