ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලැබුණු තිළිණය (PHOTOS)

0
681

ඉන්දියාව ශ්‍රී ලංකාවට ප්‍රදානය කළ ඩෝනියර් (INDO – 228) ගුවන් යානය අද (අගෝ. 15) ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් භාර ගනු ලැබ තිබේ.

ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ විසින් එම ගුවන් යානය ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබ ඇත.

එම අවස්ථාවට ඉන්දීය නාවික හමුදා උපප්‍රධානී වයිස් අද්මිරාල් සතිෂ් එන්. ගෝර්මඩේ ඇතුළු දෙස් විදෙස් අමුත්තන් රැසක් සහභාගි වී සිට තිබේ.

මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ, අනෙකුත් ක්ෂේත්‍රයන්හි ඉන්දියාව සමග සහයෝගිතාවයේ ප්‍රතිලාභ මෙන්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ඩෝනියර් ගුවන් යානය තිළිණ කිරීම ශ්‍රී ලංකාවට වැදගත් වන අතර එය ශ්‍රී ලංකාවේ සමුද්‍රීය සුරක්ෂිතතාව සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඉවහල් වන පියවරක් බව ය.

එමෙන් ම, මෙය ඉන්දියාවේ ශක්තිය ඉන්දියානු සාගර කලාපය සහ බෙංගාල බොක්ක ආශ්‍රිත ශ්‍රී ලංකාව වැනි රටවල් ඇතුළු මිතුරන් සහ අසල්වැසියන්ගේ ශක්තීන්⁣ට එක් කිරීම සම්බන්ධයෙන් නිදසුනක් බව ද එහි වැඩිදුරට ත් දැක්වේ.