කුරගල වන්දනාවේ ආ නඩයකට බළන්ගොඩදී බෝතල් ප්‍රහාරයක්

0
16

බළන්ගොඩ කුරගල පුද  බිමේ  වන්දනා චාරිකාවකට පැමිණ පිරිසක්  වෑන් රථයකින්  ආපසු පාදුක්ක ප්‍රදේශය බලා යමින් සිටියදී  එම පිරිසට  සහ එම වෑන් රථයට බළන්ගොඩ නගරයේදි මෝටර් රථයකින් පැමිණි  පිරිසක් සිදු කළ පහර දීමෙන් වැන් රථයේ ගමන් කළ දෙදෙනකු  තුවාල ලබා පෙරේදා (13දා)  බළන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි. පාදුක්ක ප්‍රදේශයේ පදිංචි  86 සහ 38 වයස්වල පසුව පුද්ගලයන් දෙදෙනකු මෙලෙස රෝහල් ගත  කර තිබේ. එම  පිරිස කුරගල පුද බිම වන්දනා කර  පසුව වෑන්  රථයෙන් පාදුක්ක බලා  යමින්  සිටියදී  බළන්ගොඩ කල්තොට  මාර්ගයේදී  අපරික්ෂාකාරී ලෙස ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක්, වෑන්  රථය  හා මාරු වෙනවාත්  සමඟ එම මෝටර් රථය මාර්ගයෙන් ඉවතට ධාවනය වී  ඇත.

පසුව එම මෝටර් රථය හරවාගෙන  විත්  ⁣වෑන් රථයේ සිටි පිරිසට තර්ජනය කර තිබේ.  නැවතත් වෑන් රථය ලුහුබැඳවිත් බළන්ගොඩ නගරයේදී බියර් බෝතල්වලින් වෑන්රථයට සහ එහි ගමන් කළ අයට මෙලෙස පහරදී ඇති අයුරු වෑන් රථයේ සවිකර ඇති සී.සී.ටී.වී.  කැමරාවේ  සටහන  වී තිබෙන බවට පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ. පහර දීම  හේතුවෙන්  වෑන් රථයට  බරපතළ අලාභහානි සිදුව තිබේ. අදාළ පහර දීම සිදුකළ  කාන්තාවක  ඇතුළු සිවුදෙනකු  බළන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් බළන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඔවුහු බළන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

බළන්ගොඩ පොලිසියේ රවින්ද්‍ර ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක සන්නස්ගල, උප පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර, නුවන් දර්ශන, බෝපිටිය (9363), ජයසුන්දර (32197), විමලසේන (42921), කාන්තා පොලිස් චාන්දනි (10071), ඉනෝකා (9857) යන  නිලධාරීහු  විසින්  පරීක්ෂණ සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

බළන්ගොඩ _ නලින්ද වලේබොඩ