සර්වපාක්ෂික විජ්ජාව ආණ්ඩුවේ ගුණ්ඩුවක් වෙලා

0
35

රාජපක්ෂලාගේ කුණු ලොරි බවට සජබ කිසිවකු පත් වන්නේ නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවැසීය. රට මෙතරම් ප්‍රපාතයකට ඇද දැමුවේ රාජපක්ෂ. පාලනය බවත්, ඒ රාජපක්ෂලාගේ කුනු අදින කුණු ලොරි බවට සමගි ජන බලවේගයේ කිසිවකු පත් නොවන බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.  අද මුළු රටම ආර්ථික, සමාජ, දේශපාලනික ඛේදවාචකයකට ලක්ව ඇති බවත්, ඊට හේතුව 2019 සහ 2020 මැතිවරණ දෙකකදී ජනතාව විසින් හරි පාර වෙනුවට වැරදි පාර තෝරා ගැනීම බවත් ඔහු කීය.

මේ බංකොලොත් වී ඇති රට තුළ දැන් සිදුවෙමින් පවතින අලුත්ම විජ්ජාව වන්නේ සර්වපාක්ෂික ආණ්ඩු ගුණ්ඩුව බවද හෙතෙම ප්‍රකාශ කළේය. රටට අවශ්‍ය වන්නේ ඇමැති වරදාන පලඳවා ගනිමින් තනතුරු පිටුපස යන රටක් නොවන බවද ඔහු ඊයේ (14දා) රක්වාන ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් පැවැසීය. සිදුකළ යුත්තේ මැතිවරණයක් පවත්වා ජනතා තීන්දුව විමසීම බවත්, ඉන් මෙහා විසඳුමක් නැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

නිර්මාණි ගුණරත්න