ශ්‍රී  ලංකා යොවුන් පිල එංගලන්තයට

0
35

සිවුදින සහ එක්දින ක්‍රිකට් තරගාවලියකට එක්වීම සඳහා ශ්‍රී  ලංකා අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායම ඊයේ (14දා) එංගලන්තය බලා පිටත්ව ගියහ. ඒ අනුව ශ්‍රී ලංකා පිල එහිදී සිවුදින තරග දෙකකට හා එක්දින තරග තුනකට සහභාගිවීමට නියමිතව ඇත. කෙසේ වෙතත් මෙම තරගාවලියට එක්වන 18 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයෙහි නායකත්වය කොළඹ නාලන්දා විදුහලේ රවීන් ද සිල්වාට පිරිනමා ඇති අතර, නම් කළ සංචිතයට වීරකැටිය රාජපක්‍ෂ මධ්‍ය විදුහලේ ක්‍රීඩකයකු එක්ව සිටීමද විශේෂත්වයකි. 

එහිදී පසුගිය යොවුන් ලෝක කුසලානයට එක්වූ රවීන් ද සිල්වා, ශෙවොන් ඩැනියෙල්, මල්ෂ තරුපති, පවන් පතිරාජ, රනුද සෝමරත්න, ට්‍රෙවීන් මැතිව් යන ක්‍රීඩකයන් ඇතුළත්ව තිබීමද කැපී පෙනේ.

නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතය _

රවීන් ද සිල්වා (නායක-කොළඹ නාලන්දා), පවන් පතිරාජ, රනුද සෝමරත්න (මහනුවර ත්‍රිත්ව), ට්‍රෙවීන් මැතිව්, අසිත වන්නිනායක (කටුගස්තොට ශා. අන්තෝනි), අභිෂේක් ලියනාරච්චි (කොළඹ ඩී.එස්.සේනානායක), සදිෂ රාජපක්‍ෂ (කොළඹ රාජකීය), ෂෙවොන් ඩැනියෙල් (කොළඹ ශා. ජෝෂප්), අංජුල බණ්ඩාර, දුවිඳු රණතුංග (කොළඹ මහානාම), ලහිරු දෙවටගේ, වනුජ සහන් (බම්බලපිටිය ශා.පීතර), විනුජ රන්පුල් (කොළඹ නාලන්දා), මල්ෂ තරුපති (රිච්මන්ඩ්), සහන් මිහිර (පානදුර ශා.ජෝන්), දුලාජ් සමුදිත (වීරකැටිය රාජපක්‍ෂ මධ්‍ය විදුහල), හසිත අමරසිංහ (මාතර ශා.සර්වේෂස්), කැනිස්ටන් ගුණරත්නම් (ගල්කිස්ස ශා. තෝමස්)

විචිත්‍ර වීරසිංහ