රට ඉඳන් ඇවිත් මිතුරකුගේ නිවෙසේ නතර වී සිටි අයෙක් හදිසියේ මරුට

0
216

විදේශ ගතව සිට ලංකාවට පැමිණ බෙංගමුව ඉං‍ෙදාල ප්‍රදේශයෛ් මිතුරකුගේ නිවෙසට පැමිණ සිටියදී පුද්ගලයකුගේ මරණය හෘදයාබාධයක් හේතුවෙන් වී ඇති බවට මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය සුමිත් අබේපිටිය මහතා පෙරේදා (13දා) පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය කළේය.

මියගොස් තිබුණේ කැලණිය, සිංහාරමුල්ල, අංක 652 පදිංචි වීරසිංහ නිශාන් කුමාර (53) යන අයයි. මොහු සෞදි අරාබියාව රටේ සිට ඉකුත් අගෝස්තු 5 දින ලංකාවට පැමිණ ඉ‍ෙදාල සිය මිතුරාගේ නිවෙසට පැමිණ ඇත. නැවත අගෝස්තු 12 දින සෞදි අරාබියාවට බලා පිටත්ව යන තෙක් එහි රැඳී සිටියදී ඉකුත් 9 දින රාත්‍රි අසනීප වීම හේතුවෙන් උෟරුබොක්ක හීගොඩ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මියගිය පුද්ගලයා වසර 10ක පමණ කාලයක් සෞදි අරාබියාවේ රැඳී සිටිමින් රැකියාව කර ඇති අතර නිවාඩුව ලංකාවට පැමිණි පසු බිරිය සිටින නිවෙසට නොගොස් ඉං‍ෙදාල සිටින මිතුරාගේ නිවෙසට ගොස් තිබේ.

මියගිය පුද්ගලයා විවාහ වී නොමැති බවටත් ඥාතීන් කිසිවෙක් පිළිබඳව තමන් නොදන්නා බවට අඟවමින් ඉං‍ෙදාල ප්‍රදේශයේ මිතුරා දේහය ලබාගැනීමට උත්සාහ දැරීම හේතුවෙන් මියගිය පුද්ගලයා පිළිබඳව තොරතුරු පුවත්පත්වල පළ වීමෙන් පසු ඔහුගේ බිරිය ඉදිරිපත් වූ බව පොලිසිය පැවැසීය.

පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමරවික්‍රම මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් ප්‍රේමරත්න (56012) මහතා පරීක්ෂණ කළේය. මියගිය පුද්ගලයාගේ බිරිය ඉහළ කොඩිප්පිලිලාගේ ගීතිකා සහ විදාන ගමගේ ගනේෂ් සමන් රණතුංග යන අය මෙහිදී සාක්ෂි ලබා දුන්හ.

ඌරුබොක්ක _ අතාවුද පතිරණ