පුංචි ඡන්දය මාර්තු 10ට පෙර පැවැත්වීම අනිවාර්යයි

0
41

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මාර්තු 10ට පෙර අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ‘මව්බිම’ට පැවැසීය.

හිටපු පළාත් පාලන ඇමැතිවරයා විසින්  මැතිවරණය කල් දැමූ අතර එය නැවත වතාවක් කල් දැමිය නොහැකි බවත් ඒ අනුව ලබන වසරේ මාර්තු 10ට පෙර මැතිවරණය පැවැත්විය යුතු බවත් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කළේය.

කෙසේ නමුත් පළාත් පාලන මැතිවරණයක් නොපවත්වා කොමසාරිස් පාලනයක් හෝ වෙනත් ක්‍රමයකට පළාත් පාලනය ගෙන යෑමට ආණ්ඩුව අරඅදින්නේ දැයි සැකයක් පවතින බවද හෙතෙම පැවැසීය.එම නිසා අනිවාර්යෙන්ම පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බවත් එය නොපවත්වන්නේ නම් ඊට එරෙහිව බලපෑම් කිරීමට තම පක්ෂය සූදානම් බවත් ඒ මහතා පැවැසීය.

ඔහු වැඩිදුරටත් පැවැසුවේ පළාත් පාලන මැතිවරණයක් යනු ආණ්ඩුවේ බලය කෙසේ දැයි හුදෙක් පිළිබිඹු කරන මැතිවරණයක් බැවින් ආණ්ඩුවට ඒ ගැන විශාල තිගැස්මක් මේ මොහොතේ ඇති වී ඇති බවය.

අනුරාධා හේරත්