පළාත් කිහිපයකට සවස හෝ රාත්‍රි වැසි වසී

0
14

දිවයිනේ මධ්‍යම, උෟව, නැඟෙනහිර සහ උතුරු මැද පළාත්වල අද (15දා) සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවැසීය.

ඊට අමතරව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවැතිය හැකිය.

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින්විට පැ.කි.මී. 40-45 දක්වා වැඩි විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

චන්දන ලක්මාල්