දෙමළ සංවිධාන තහනම ඉවත් කිරීමේ පදනම රටට කිව යුතුයි

0
17

මෙරට තුළ තහනම් කර තිබූ දෙමළ දේශපාලන සංවිධාන 6ක තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය වහාම රටට කරුණු ඉදිරිපත් කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් මුසම්මිල් පැවැසීය. ගෝලීය දෙමළ සංසදය, ගෝලීය ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව, දෙමළ ඊළාම් ජනතා සම්මේලනය, ඕස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය, බි්‍රතාන්‍ය දෙමළ සංසදය, කැනේඩියානු දෙමළ කොංග්‍රසය එසේ තහනම ඉවත් කර ඇති සංවිධාන බවද මොහොමඩ් මුසම්මිල් මහතා කීය.

මෙම සංවිධාන පසුගිය කාලය පුරාම ශ්‍රී  ලංකාවට හතුරු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බවත් මෙම සංවිධානවල තහනම ඉවත් කළේ කුමන පදනමකින්ද යන්න පිළිබඳ රටට කරුණු කීමට ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කළ යුතු බවත් මුසම්මිල් මහතා පැවැසීය. වගකීම් පැහැරහැර තම ගොඩ වැඩි කරගැනීම වෙනුවෙන් යූ-ටියුබ් වීරයන් ලෙස හැසිරෙන දේශපාලන පක්ෂවලට එළැඹෙන මැ‍තිවරණයකදී කොස්සෙන් ගසා පන්නා දැමිය යුතු යැයිද මොහොමඩ් මුසම්මිල් මන්ත්‍රිවරයා කීය.

ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය