ක්‍රීඩා ඇමැති නෙත්මි බලන්න යයි

0
36

එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පසුගියදා අවසන් වූ පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ කි.ග්‍රෑ. 57 බර පන්තිය යටතේ මල්ලවපොර කාන්තා ඉසව්වට සහභාගි වෙමින් ලෝකඩ පදක්කමක් දිනාගත් නෙත්මි අහිංසා හමු වී ඇයට මූල්‍යමය ත්‍යාගයක් පිරිනැමීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

ඒ අනුව නෙත්මි අහිංසා ජීවත්වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ වෙල්පල්ල ග්‍රාමයට ගිය ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පෞද්ගලික මුදල් ත්‍යාගයක් ඇයට සහ ඇයගේ පුහුණුකරු වන ටී.එස්. සුරංග මහතාට ලබා දීමට පියවර ගෙන තිබේ. ඒ අනුව නෙත්මිට ලක්‍ෂ3ක්ද පුහුණුකරුට ලක්‍ෂ 2ක්ද පිරිනමා ඇත. මේ වනවිට මේ වනවිටත් වෙල්ලපල්ල මහා විදුහලේ අධ්‍යපනය ලබන 18 හැවිරිදි නෙත්මි අහිංසා මුණ ගැසුණු ක්‍රීඩා අමාත්‍යවරයා ඇය පුහුණුවීම් කටයුතු කරනු ලබන දුෂ්කර ස්ථානය දැක බලවත් කනගාටුවට පත්ව ඇති බවද දැනගන්නට ඇත ඒ අනුව එම ස්ථානය වෙනුවට ක්‍රීඩා අමාත්‍යාංශයේ අරමුදලින්

පුහුණුවීම් කළ හැකි සුදුසු ස්ථානයක් සාදා දෙන බවද එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා ඇයට පොරොන්දු වී ඇතැයිද පැවැසේ. කෙසේ වෙතත් නෙත්මිත්, ඇයගේ දෙමවුපියන් සහ ඇයගේ පුහුණුකරු සමඟ දීර්ඝ වශයෙන් පිළිසඳරේ යෙදුණු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඇයටත්, ඇයගේ පුහුණුකරුටත්, ශ්‍රී ලංකා මල්ලවපොර ජාතික සංචිතයෙහි සිටින අවුරුදු 16ක් වයසැති නිපුනි ධර්මදාස ක්‍රීඩිකාවටත්, මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මල්ලවපොර කාන්තා ඉසව්වේ කිලෝග්‍රෑම් 53 බරපන්තිය යටතේ තරග වදිමින් සිවුවැනි ස්ථානය දිනාගත් චමෝද්‍යා කේෂාණිටත් මුදලින් ආධාර ලබා දී තිබේ.

මේ අතර ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා අරමුදලින් මුදල් ත්‍යාගයක් ජනාධිපතිතුමාගේ මැදිහත් වීම යටතේ ලබාදීමට කටයුතු කරන බව පැවැසූ ක්‍රීඩා අමාත්‍යවරයා මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා නෙත්මිටත්, ඇයගේ පුහුණුකරු සුරංග මහතාට හා මල්ලවපොර සංගමයේ සභාපති සරත් හේවාවිතාරණ, ලේකම් අජන්ත රත්නායක යන මහත්වරුන්ට අද (15දා) පෙරවරු 10.30 ක්‍රීඩා අමාත්‍යාංශයේදී මුණ ගැසෙන ලෙස පවසා ඇතැයිද දැනගන්නට ඇත.

විචිත්‍ර වීරසිංහ