අතමිට සරු කරන මේ දවස්වල අලුත්ම Business Trend එක Eco printing

0
109

කාන්තා – පුරුෂ භේදයකින් තොරව තමන්ගේම මහන්සියෙන් මුදලක් උපයා ගැනීමට අප කවුරුත් කැමැතියි. විශේෂයෙන්ම රටම දැඩි ආර්ථික අර්බුදයකට මුහුණපා සිටින මෙවැනි මොහොතකදී අමතර ආදායමක් වශයෙන් කුමන හෝ කර්මාන්තයක නියැළීම අගනේය. මෙවර Her අතිරේකය තුළින් අප ඔබ වෙතට ගෙන එන්නේ වෙනස්ම තේමාවක් යටතේ පහසුවෙන්ම කරගෙන යා හැකි එවැනි ව්‍යාපාරයක් සම්බන්ධවයි.  කාන්තා ඔබ ස්වභාවයෙන්ම ඕනෑම දෙයක් විසිතුරු, සුන්දර සහ නිර්මාණාත්මක ලෙස ඉදිරිපත් කිරීමට උපන් හපන්කම් ඇත්තියෝය. අද අප කතා කිරීමට යන්නේ ස්වාභාවික වර්ණක (Natural Dye) Eco printing තාක්ෂණයයි. උපයෝගී කොටගෙන නිවසේදීම ඉතාම සාර්ථකව කරගෙන යා හැකි සුන්දර ස්වයං රැකියාවක් පිළිබඳවයි. කාන්තා ඔබත් නිර්මාණශීලී හැකියාවන්ගෙන් පරිපූර්ණ අයෙක් නම් මෙම ලිපිය ඔබට ඉතාම වැදගත් වේවි. අමතර ආදායමක් ලබා ගන්නා අතරම මෙය හරි විධියට කළහොත් මෙරටට ඩොලර් ගෙන ආ හැකි ව්‍යාපාරයක් දක්වා මෙය දියුණු කර ගත හැකියි.

එසේ නම් පළමුව Eco printing සහ ස්වාභාවික වර්ණක (Natural Dye) යනු මොනවාදයි දැන් අපි හඳුනාගනිමු. Eco printing යනු ස්වාභාවික මල් වර්ග සහ ශාක පත්‍රවල තිබෙන වර්ණකයන් නිසා  හැඩතල යම්කිසි රෙදි කඩක් මතට කඩදාසි හෝ සත්ත්ව සම් මත තවරා ගැනීමයි. මේ තාක්ෂණය Natural Dye කියන්නේ ශාක කොටස්වල එනම් ශාකපත්‍රවල, පුෂ්පවල මුල්වල, පොතුවල, ඵලවල අඩංගු වන ස්වාභාවික වර්ණවලින් රෙදි වර්ණ ගන්වන තාක්ෂණයටයි.

මෙහි ඇති විශේෂිතම කාරණාව වන්නේ මූලිකව රුපියල් 500ක් පමණ වන රසායනික සංයෝග දෙකක් හෝ තුනක් පමණක් භාවිත කොට මෙම ව්‍යාපාරය ආරම්භ කළ හැකි වීමයි. ඇත්ත වශයෙන්ම මෙය ඔබට නැවුම් සහ වෙනස්ම අත්දැකීමක් ගෙන දෙන නවතම ව්‍යාපාරයක් වේවි. මෙවැනි අලුත් තාක්ෂණික ක්‍රමවේදයක් ලංකාව තුළදී ක්‍රියාත්මක වන්නේ පළමු වතාවටයි. නමුත් විදේශ රටවල මෙම තාක්ෂණය යටතේ නිපදවන ඇඟලුම්වලට ඉහළ මිලක් හිමි වේ.

එනිසා දේශීය මෙන් විදේශීය වශයෙන්ද නමගිය සාර්ථක ව්‍යාපාරිකාවක වීමට ඔබත් සිහින මවනවා නම් කාන්තාවනි, අනිවාර්යයෙන්ම මෙය ඔබට මහඟු අවස්ථාවක් වේවි. විශේෂයෙන්ම විදේශයන් තුළ මෙන්ම මෙරට තුළද මේ සඳහා හොඳ වෙළෙඳපොළක් නිර්මාණය වී ඇති මෙවැනි තාක්ෂණික ක්‍රමෝපායන් හට වර්තමානයේදී කාන්තා, පුරුෂ භේදයකින් තොරව වැඩි අවධානයක් යොමු වී තිබීම එක් අතකින් සතුටට කරුණකි.

එසේ නම් දැන් ඔබට ඉතාම සුළු මුදලකට මෙම Eco printing සහ Natural Dye තාක්ෂණය පේෂකර්ම ඉන්ජිනේරුවරියක් යටතේ මුල සිට ඉගෙන ගැනීමේ අවස්ථාව හිමි වී තිබේ. එනම් Institute of Professional and Academic Studies (IPAS) ආයතනය යටතේ දැන් ඔබට මෙම පාඨමාලාව ලංකාව තුළදී පහසුවෙන්ම හැදෑරීමේ අවස්ථාව ඇත. පාඨමාලා ගාස්තුව වුවද කොටස් වශයෙන් ගෙවාගෙන යෑමේ පහසුකමද සලසා දී ඇති බැවින් ආර්ථික අපහසුතා ඇති කාන්තාවන්ට වුවද එය මහඟු අවස්ථාවක් වනු ඇත. මීට අමතරව මෙම ආයතන තුළදී ඔබට සාම්ප්‍රදායික ඉටි බතික් හා බතික් සිතුවම් කලාව ෂිබෝරි සහ ටයිචයි කලාවද ඉගෙන ගත හැකිය.

සරල Eco printing

එකක් කරගන්නා ආකාරය

දැන් අපි බලමු

අවශ්‍ය ද්‍රව්‍ය

-උණු ජලය ලබා ගැනීමට

  සුදුසු උදුනක්

-පියන සහිත භාජනයක්

  (සාස්පානක්)

 -මිශ්‍ර කිරීම සහ හැසිරවීම සඳහා

  උපකරණ (මල නොබැඳෙන

  වානේ හෝ ලී වඩාත් සුදුසුයි)

-විවිධ ප්‍රමාණයේ බහාලුම්

  කිහිපයක්

-රබර් අත්වැසුම් සහ 

     මුහුණු ආවරණයක්

-කතුරක්

-මිනුම් පටියක්

  (ටේප් එකක්)

-ටයිල් කිහිපයක්, ලී කූරු

 කිහිපයක්

-Pvc නළ කිහිපයක්

-විනාකිරි ස්වල්පයක්

-සබන් කුඩු ආදී සේදුම්කාරක

දියර වර්ගයක්

වර්ණ ස්ථාපිත ද්‍රව්‍ය

 -භෂ්ම

 -අම්ල රෙදි (සුදුසු රෙදි වර්ගයක්)

 -මුද්‍රණය සඳහා කොළ සහ මල්

  වර්ග කිහිපයක්

 -ප්ලාස්ටික් wrap/ ඉටි කොළ

 -ස්වාභාවික සායම්කාරක

  • -ටූවයින් නූල්

ක්‍රියාවලිය සරලව දැන් අපි බලමු

පළමුව රෙදි සූදානම් කර ගන්න. ඉන්පසුව කැඳ සහ අනෙකුත් මතුපිට රසායනික ද්‍රව්‍ය ඉවත් කරගත යුතුය. එම රෙදි වර්ණ ස්ථාපක මඟින් පදම් කරගත යුතුය.

ශාක කොටස් තබා, සුදුසු හා තෝරාගත් තාක්ෂණික ක්‍රමයක් භාවිත කර වර්ණ උකහා ගත යුතුයි.

වර්ණ සහ හැඩ උරාගත් රෙද්ද ඊට අවශ්‍ය කරන කාලයක් වේළාගත යුතුයි.

වේළාගත් රෙද්දේ රසායනික ද්‍රව්‍ය උදාසීන කර වර්ණ ස්ථායි කරගත යුතුයි.

ඉන්පසුව මෘදුව සෝදාගත යුතුයි.

ස්වභාවික

මුද්‍රණය හා ඩයි

වර්ගවල වාසි

අවම පාරිසරික බලපෑම – ඒවා ස්වභාවික මූලාශ්‍රවලින් පැමිණෙන නිසා ස්වභාවික ඩයි වර්ග පරිසරයට හානිකර නොවන අතර, එය පාරිභෝගිකයන් සඳහා ඉතා ආකර්ශනීය කරයි.

ස්වභාවික ඩයි වර්ග දිරාපත් වන අතර ඒවා බැහැර කිරීම දූෂණයට හේතු නොවේ.

පුනර්ජනනීය – ස්වභාවික ඩයි වර්ග ලබා ගන්නේ පරිසරයට හානියක් නොවන පරිදි භාවිත කළ හැකි පුනර්ජනනීය ප්‍රභවයන් මඟිනි.

අවම වර්ණ – ඔබ මෘදු පැහැයක් සඳහා යන්නේ නම්, එම පෙනුම ලබා ගැනීමට ස්වභාවික ඩයි වර්ග ඔබට උපකාර කළ හැකිය.

ආරක්ෂිත – බහුතරයක් ස්වභාවික ඩයි වර්ග ශරීරගත වූ විට හානියක් හෝ සෞඛ්‍ය ගැටලු ඇති නොකරයි.

ස්වභාවික සායම්වල අවාසි පිරිවැය

කෘත්‍රිම සායම්වලට වඩා නිශ්චිත රෙදි ප්‍රමාණයක් සායම් කිරීම සඳහා ස්වභාවික ඩයි වර්ග විශාල ප්‍රමාණයක් අවශ්‍ය විය හැකිය. එය එසේ බැවින් ස්වභාවික ඩයි වර්ග භාවිත කිරීම කෘත්‍රිම ඩයිවලට වඩා මිල අධිකය.

වර්ණ ගෙවීම – ස්වභාවික ඩයි වර්ගවලින් වර්ණ පෙවීම/ සේදී යෑම ඉක්මන්‍ය, කෘත්‍රිම ඩයි වර්ග තරම් වර්ණ පැවැත්මක් නොමැතිවීම.

ලබාගත හැකි බව – Availability – අමුද්‍රව්‍ය ලබාගැනීමේ හැකියාව සමයෙන් සමයට ස්ථානයට සහ විශේෂයට වෙනස් විය හැකි අතර වසර පුරා රසායනාගාරවල කෘතිම ඩයි වර්ග නිෂ්පාදනය කළ හැකි බැවින් ඒවා තරම් සුලභව ස්වභාවික වර්ණක ලබා ගැනීමට පහසු විය හැකිය.

හානිකර බලපෑම් – ස්වභාවික ඩයි වර්ගද යම් දුරකට ඉඳහිට හානිකර විය හැකිය. සමහර ස්වභාවික සායම් ප්‍රභවයන් ආශ්වාස කරන විට ආසාත්මිකතාවක් හෝ දැවිල්ලක්, පුද්ගලානුබද්ධව හෝ නිසැකවම ඇති කළ හැකිය.

තිරසර බව මඳක් අඩු වීම ස්වභාවික සායම් ප්‍රභවයන් පුනර්ජනනීය වන අතර, තිරසර බව තවමත් ස්වභාවික ඩයි වර්ග සඳහා ගැටලුවක් විය හැක්කේ ඒවා නිෂ්පාදනය කිරීමට විශාල භූමි ප්‍රදේශයක් අවශ්‍ය වන බැවිනි.

ආරක්ෂක උපදෙස්

ආහාර පිසීම හෝ ආහාර ගැනීම සඳහ මෙම තාක්ෂණයට අදාළ මෙවලම් භාවිත නොකරන්න. අපි ශාක ආශි්‍රත අමුද්‍රව්‍ය භාවිත කළත්, වර්ණ ස්ථාපික සහ ශාකමය ඩයි වර්ග ඇතැම් ආසාත්මික විය හැකි අතර ආහාර ආශි්‍රතව මිශ්‍රව පරිභෝජනයට සුදුසු නොවේ.

විශේෂයෙන්ම තාපයට නිරාවරණය වූ විට, මේ මෙවලම් මඟින් ඒවායේ ගැටෙන ඔබ ආහාරයට නොගත යුතු ද්‍රව්‍ය අවශෝෂණය කරගැනීමට ඉඩ ඇත.

භාවිත කිරීමට පෙර ඔබ සියලු ශාක, වර්ණ ස්ථාපික සහ ප්‍රතික්‍රියාකාරක නිවැරැදිව හඳුනාගෙන ඇති බවට වග බලා ගන්න.

ඒවායේ ගුණාංග හැසිරවීම සහ විස වීම දැනගෙන පමණක් පරිස්සමෙන් භාවිත කරන්න.

ඔබේ මෙවලම් සහ ද්‍රව්‍ය සිසිල් වියළි ස්ථානයක ගබඩා කර ළමයින්ට සහ සුරතල් සතුන්ට ළඟා විය නොහැකි ලෙස තබාගන්න.

හොඳින් වාතාශ්‍රය සහ හොඳ වායු සංසරණය ඇති ස්ථානයක වැඩ කරන්න.

තාපයෙන් ආරක්ෂා වීමට සහ තත්ත්වය අනුව රබර් අත්වැසුම් සහ මුහුණු ආවරණ භාවිත කරන්න.

භාජන අඩු තාපයක් මත වසා තබන්න. විවෘත කිරීමේදී වාෂ්ප ආශ්වාස නොකරන්න.

නිතිපතා ජල මට්ටම පරික්ෂා කර එය වාෂ්ප වී ඇත්නම් තවත් එකතු කරන්න.

පිලිස්සීම් වළක්වා ගැනීම සඳහා එය විවෘත කිරීමට පෙර ද්‍රව්‍ය සිසිල් කිරීමට ඉඩ දෙන්න.

භාවිතයෙන් පසු සියලුම මතුපිට සහ වැඩ කරන ස්ථාන හොඳින් පිරිසුදු කරන්න.

සියලුම රෙදි භෂ්ම භාවිතයෙන් ජලය ක්ෂාරිය කළ යුතුය.

දිනූෂා මනෝරි නිශ්ශංක

ඉරේෂා කුරුප්පු

යාන්ත්‍රික හා පේෂකර්ම ඉන්ජිනේරු මෝස්තර නිර්මාණ ශිල්පී

ඇඟලුම් නිෂ්පාදන හා කළමනාකරණ පශ්චාත් උපාධිධාරි ප්‍රධාන විධායක Institute of professional and Academic Studies