කොළඹට එන අලුත් බස් සේවාවක් ගැන ගැමුණු කියයි

6
2556

පොදු ප්‍රවාහනය සඳහා ඉදිරියේදී කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල සුඛෝපභෝගී බස් රථ සේවාවක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව පෞද්ගලික බස් රථ හමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා සඳහන් කළේ, එම බස් රථ චීනය ණය පදනමක් යටතේ ලබා දෙන බව ය.

මූලික පියවරක් ලෙස කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලට අවම වශයෙන් බස් රථ 100ක් ධාවනයට යොදවන බව ගැමුණු විජේරත්න මහතා පැවසීය.

“මාස තුනකින් ආරම්භ කරන්න පුළුවන් දැන් චීනයේ සමාගම් දෙකක් සමග අපි ඒ අවශ්‍ය දැනුම් දීම කරලා තියෙන්නේ ඒ සමාගම් දෙකකට. අපිට ඒ බස් රථ ලබා දෙන්නේ ණය පදනම යටතේ ලංකාවේ ගැරන්ටියක් මත.”

6 COMMENTS

  1. හොද වැඩක්.. බසයට නගිනකොට පාර අයිනෙ තියන මිනිස් සහ සත්ව බෙටි පාගගෙනනමි නගින්න එපා.. විශේෂයෙන් බුලත් හපන ගමන් එන අය… බුලත් හපන බස් සේවකයන්…

  2. චීනේන් ගන්න එක නතර කරන්න දැන්වත් ණය කියලා අරන් ඕකූන්ගෙන් අරන් වෙච්චි දෙයක් නෑනේ……..තේරුම් ගන්න බැරිද……චීනේ අපිව තව හිර කරනවා.

  3. කොට කොටා යන්නේ නැතිව හරියට time table එකකට හැම බස් නැවතුමකට ම වෙලාවට එන විදියට දාලා මගීන් ගනනට නොව දුවන දුර අනුව බස් අයිතිකරුවන් ට ගෙවලා මගීන් ගෙන් රජයට හෝ ආයතනයකින් අය කර ( කාඩ් ක්‍රමයක් වැනි) සේවාව ක් විදියට රටේ ජනතාවගේ මග ට ගතවෙන කාලය අඩුකර ගැනීමට යොදා ගත්තොත් රටේ අනාගතයට සුබ දායක වෙයි .

  4. චීනෙන් අලුත් මගුල් ගන්නවාට වඩා හොඳ නැත්ද ජපානයෙන් පාවිච්චි කරපු ඒවා ගන්න එක. ඒවා ඔය ලඩ චීන ඒවාට වඩා ගොඩක් හොඳයි….

Comments are closed.