රුසියානු බොරතෙල් රැගත් නෞකාවක් දිවයිනට

0
2211

බොරතෙල් මෙට්‍රික් ටොන් 100,000ක් රැගත් නෞකාවක් අද (අගෝ. 13) රාත්‍රියේ කොළඹට පැමිණෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

ඒ අනුව, එහි තත්ත්වය පරික්ෂා කිරීම සඳහා හෙට එහි සාම්පල ලබා ගැනීමට නියමිත බව අමාත්‍යවරයා පැවසීය.

එමෙන් ම, මෙට්‍රික් ටොන් 120,000ක් අඩංගු 2 වන බොරතෙල් නෞකාව අගෝස්තු 23 සිට 29 දක්වා කාලය තුළ පැමිණෙනු ඇතැයි අමාත්‍යවරයා සඳහන් කර ඇත.

අමාත්‍යවරයා වැඩිදුරට ත් සඳහන් කළේ, අදාළ බොරතෙල් නෞකා දෙක ම රුසියානු බොරතෙල් වන අතර ඒවායෙහි පිරිපහදුව ලබන සතියේ මැද වන විට ආරම්භ කිරීමට නියමිත බව ය.