ජීව අත් බෝම්බයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

0
208

මාලඹේ පොලිස් වසමේදී විදෙස් රටක නිෂ්පාදනය කරන ලද ජීව අත් බෝම්බයක් සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, මාලඹේ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අරංගල ප්‍රදේශයේ ඊයේ (ආගෝ. 12) සවස සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව ය.

සැකකරු වයස අවුරුදු 33ක් වන මාලඹේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි

පොලිසිය සඳහන් කළේ, සැකකරු අද (අගෝ. 13) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ය.

සිද්ධිය සම්බන්ධයෙන් මාලඹේ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

මේ අතර, විදෙස් රටක නිෂ්පාදනය කරන ලද රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් සමග පුද්ගලයෙකු ගම්පහ නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (අගෝ. 12) දහවල් කාලයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව ය.

සැකකරු වයස අවුරුදු 46ක් වන මාකේවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඒ අනුව, සැකකරු අද (අගෝ. 13) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ගම්පහ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.