සන්ධිවාතයෙන් හට ගන්නා සියලුම රෝගාබාධ දුරින් දුරු කරන හෙළ වෙද ප්‍රතිකාර

0
43

වාත රෝග තත්ත්වය උත්සන්න වුණාම එය ශරීරය තුළ විවිධ ප්‍රතික්‍රියා මවන්නට හේතු වෙනවා. සිරුරේ ක්‍රියාකාරිත්වය හරි හැටි සිදු නොවී විවිධ සංකූලතා ඇති කරනවා. එය කාලයක් ගියාම ඒ නිසාම ශරීරයේ අතපයවලට, එහි ක්‍රියාකාරී බවටද බලපානවා. වේදනා ඇති කරනවා.

පුරාණයේ පටන් එදා සිටි වෙදැදුරන් පොදු ජනතාව සමඟ විසීමෙන් ඔවුන්ට අවැසි ඇවැතුම් පැවැතුම් කියා දුන්නා. ඔවුන්ද ඒ මඟ ගියා. ශරීරයේ පණ නැතිව, වක ගැහුණු, සිරුර අප්‍රාණික, අංශභාග ලෙඩ්ඩු ඒ හැටි දකින්න ලැබුණ නැති වගත් කියැවෙනවා. ඒ තරමටම ලෙඩක් හැදෙන්න ඉස්සර මිනිස්සු එදිනෙදා ජීවිතයේ ආහාර පානවලින්, ඇවතුම් පැවැතුම්වලින් රැකුණා. ඒ නිසාම ලෙඩ දුක් පැන පැන එන්නේ නැති, ඊට ශරීරය බිලිගන්නට ඉඩක් නොදෙන ගතියක් තිබුණා.

මොරේශ්වර ප¾ඩිවරයාගේ ‘වෛද්‍යා මෘතය’ කෘතියේ එන එක් නිදසුනක් මෙහි දැක්වීම වටිනවා. බලන්න මිනිසුන්ට මෙහෙව් ප්‍රතිකාර තමන්ටම කරගෙන නිරෝගී වෙන්න ඉඩක් හදාගත්තාම ලෙඩක් හැදේවිද කියලා. ඒ තරම් ඒ කාලේ මිනිස්සු නිරෝගී සම්පත්තියට වාසනාවන්ත වුණා.

මොරේශ්වර ප¾ඩිවරයා කියනවා. “තේජෝව්හා ප්‍රස්ථමෙතං, පයසි ගජගුණෙ පාකයුක්ත්‍යාම පාච්‍යං, වේ‍යාෂා පත්ථ්‍යාං ශතාංගාං, කෘමිරිප්‍රමනලං ග්‍රන්ථිකං චාජමොදං උග්‍රාකුෂ්ටා ස්වගන්ධෞ සුරතුරු මමෘතං, පාලිකානි ප්‍රදද්‍යාත්, සර්වාන් වාතාන්වමයං ඍත මධු සහිතා, නාස්ති භවාන් කරොති” කියලා. ඒකෙ සිංහල අර්ථය මෙහෙමයි.

රත්නිටුල් ප්‍රස්ථයක්ද එළකිරි සතර ගුණයක්ද යොදා විදිලෙස පැසවා ඉඟුරු, මිරිස්, තිප්පිලි, අරළු, ශතාංග කෘමිශත්‍රැ, තිප්පිලි මුල්, අසමෝදම්, වදකහ, කොට්ටන්, අශ්වගන්ධ, දේවදාර, රසකිඳ සමව ගෙන චූර්ණ කර ගිතෙලින් උයා මී හා සේවනය කිරීමෙන් සියලු වාතරෝග නසන්නේය. ඉතිරි නොවන්නේය.” ආදී වශයෙනි.

සන්ධි වාත රෝගය  කියන්නේ මිනිස් ශරීරයේ සන්ධිවලට වාතය එකතු වීම තුළින් හටගන්නා රෝගී තත්ත්වයක්. එතැනදී බොහෝදෙනාට සිදුවන්නේ තමන්ගේ එදිනෙදා කටයුතු කරගෙන යන්නට බැරි තරමට සන්ධි වේදනා ඇතිවීමක්. සන්ධි තුළට වාතය ඇතුළු වීම තුළින් ඇටමිදුලු වියළෙන්නට පටන් ගන්නවා. ඇඟිලි පුරුක්, වැළමිට, දණහිස, වළලුකර යනාදියෙහි සන්ධි වාතය හිරවීම තුළින් ඉදිමීමටත් ගන්නවා. ඉන්පසු එම ස්ථාන ඇදවෙන්න ගන්නවා. ඒත් එක්කම ශරීරයට දැනෙන අධික වෙහෙස, ආහාර අරුචිය, ඇඟපත වේදනාව, පිපාසය, අලස ගතිය වගේ රෝග ලක්ෂණ ඇති වෙනවා. නිසි විධියට ආහාර දිරවන්නේ නැති බව, මල මුත්‍ර නිසි ආකාරයෙන් බැහැර නොවීම මෙම රෝගය වැලඳෙන්නට බලපාන සාධක වෙනවා.

බොහෝදෙනා සිතන්නේ මෙවැනි රෝග සුව කළ නොහැකියි කියලා. නමුත් ඉසිවර උතුමන් අනුදැන වදාළ පරම්පරාගතව එන උතුම් වෛද්‍ය ශාස්ත්‍රයක් තවමත් මේ මහ පොළොවේ ඉතිරිව තියෙනවා. ඒ අනුව අප වෙත එන ඕනෑම එවන් රෝගියකුගේ නිල හරි හැටි අල්ලා පරීක්ෂා කර බලනවා. එවිට සියලු රෝග දැනගත හැකියි. ඒක ප්‍රායෝගිකව දැනෙන අත්දැකීමෙන් එන දැනුමක්. රෝග පරීක්ෂාවේදී අපට තේරෙනවා මේ රෝගියා කොයිතරම් කාලයකින් සුව කළ හැකිද කියලා. බොහෝ විට මාස දෙකක් තුළ ඕනෑම එවන් රෝග තත්ත්වයක් අපට සුව කළ හැකියි.

අතපය ඇද ගැහිලා තියෙනවා නම් රෝගය වැලඳීමට පෙර රෝගියා සිටි තත්ත්වයට ඔහුව හෝ ඇයව සුවපත් කළ හැකියි. ඇදය නැති කළ හැකියි. පුරාණ වෛද්‍ය ශාස්ත්‍රයට අනුව මේවා සුව කිරීම පහසු දෙයක්. එය අප සලකන්නේ උත්තමකාරියක් හා වගකීමක් හැටියටයි.

මෙවන් රෝග පීඩාදියනට ගොදුරු වන්නේ නැතිව ඉන් මුලින්ම ගැලවෙන්න ඔබ පුරුද්දක් හැටියට කරනවා නම් මෙහෙමයි. ඉදුණු කෙසෙල්, ගස් ලබු, කෙඳි සහිත ආහාර ගැනීම කළ යුතුයි. ඒ නිසා මුත්‍රා හොඳින් බැහැර කිරීමට හැකි වෙනවා. උෂ්ණාධික ආහාර ගැනීමෙන් වැළකී සිටියහොත් සිරුරේ අනවශ්‍ය බර අඩු වෙනවා. ඒ වගේම ආහාර ගත් විගස නෑම නොකළ යුත්තක්. විශේෂයෙන් බණ්ඩක්කා වැනි දේත්, ධාන්‍ය වර්ගත්  ඉතා ගුණයි. ප්‍රතිකාර පතා පැමිණෙන්නන්ට කිව යුතු දෙයක් තියෙනවා. ඒ ප්‍රතිකාර සඳහා ඔබට අපව හමුවිය හැකි තැන් හා ස්ථානයි.

අඟහරුවාදා _ අතුරුගිරිය සහ නිට්ටඹුව, බදාදා _ රත්නපුර, සිකුරාදා _ මහනුවර අඹතැන්න, සෙනසුරාදා – වෙන්නප්පුව, ඉරිදා _ මහනුවර අඹතැන්න

සුලක්ඛන ජයවර්ධන

වෛද්‍යාචාර්ය,

ජයන්ත බණ්ඩාර

අංකුඹුර,

රාමකොටුව

072-4464957

071-6080849