වගාව රැකගන්න ජේ‍යාතිෂයේ එන ‘කරණ’ යොදා ගනිමු

0
64

තාක්ෂණය සහ විද්‍යාව මෙතරම් දියුණු මට්ටමක අතීතයේ නොතිබිණි. එසේ වුවත් අනාගතයේ පැමිණිය හැකි පාරිසරික තත්ත්වයන් පිළිබඳව  මිනිසුන්  දත්ත ලබාගත් සාර්ථක සාම්ප්‍රදායික ක්‍රමවේදයන් රැසක් පැවතුණි. ශාක සහ සත්ත්ව වර්ගයාට හිත අහිත පිණිස  දිලීර, වයිරස්, බැක්ටීරියා සහ පණු රෝග යම් යම් කාලවල දී බලපානු ලබයි. ගොවිතැන අරඹයා මෙය විශේෂ වෙයි. එවිට මේවා කල්තියා හ¾දුනා ගැනීමට  පාරම්පරික ගොවියා අපූර්ව ක්‍රමවේදයන් ගණනාවක්ම  අනුගමනය කළේය. ජේ‍යාතිෂ්‍යවේදයට අනුව ග්‍රහචාරය  නිරීක්ෂණය කරමින් අනාගතයේ නිර්මාණය වන ග්‍රහ සංයෝග පිළිබඳව ඔහු පරීක්ෂා කරයි.

බිම් කෙටුමේ සිට අස්වනු නෙළා ගෙට ගන්නා තෙක් වගාව පළිබෝධකයන්ගෙන් ආරක්ෂා කර ගැනීමේ අභියෝගය ගොවියා ජය ගත් ආකාරය විස්මිතය. ඇතම් අවස්ථාවල ඉනි  වැටක්  හෝ නොබැඳ  පක්ෂි, සිවුපා ආදීන්ගෙන් වගාව රැකගන්නා අයුරු ඔහු පරිසර විද්‍යාවට සහ භූත විද්‍යාවට අනුව  දත්තේය.

ස¾දු පෘථිවිය වටා යන ගමනේ  දී හිරුත් පෘථිවියත් සඳුත් අතර ඇතිවන වන කෝණය කරණයක් ලෙස හ¾දුන්වයි. එය තිථියකින් භාගයකි. මෙම කරණ තුළ පවතින ශක්තිය පිළිබඳව විද්‍යාත්මකව විමසා බැලිය යුතුව ඇත. එසේ ම පළිබෝධකාරක උත්සන්න වීමට බලපාන ස¾දු හා රාහුගේ සංයෝගය සිදුවන දින වකවානු කවදා දැයි ඔහු කල්තියාම දනී. වර්ෂයකට සත් විසි (27) වතාවක් පමණ ස¾දු සහ රාහු සංයෝග වීම හෝ දෘෂ්ටි ගත වීම සිදු වේ. එම දින සහ වේලාවන් වර්ෂාරම්භයේදීම ගණනය කිරීම පැරණි ගොවියා ප්‍රමුඛ කාර්යය කොට සලකයි.

ස¾දු ජලකාරක ග්‍රහයෙක් වීම නිසා එහි බලය පළිබෝධකයන්ට නිවහනක් වන අතර රාහුගේ බලය මතින් එහි ව්‍යාප්තිය වඩාත් වේගවත් වනු ඇතැයි මෙහි දී නිගමනය කිරීමට පුළුවන. පළිබෝධකයන්ට ස්ථිරසාර පිළියමක් වශයෙන් හෙට දවසේ කෘෂිකාර්මික කේෂ්ත්‍රයට මෙම දැනුම මහෝපකාරී වනු ඇත. පළිබෝධ හෝ පණු රෝග බහුල කාල පරාසයන්ට හසු නොවන සේ  බීජ වැපීරීමටත් නව වගාවන් ආරම්භ කිරීමටත් මෙම ක්‍රමවේදයට අනුව ගොවියාට පුළුවන. එයින්ම අධික පළිබෝධනාශක භාවිතය පිළිබඳ ගැටලුවද නිරාකරණය වනු ඇත.

එපමණක් නොව දිලීර, වයිරස්, බැක්ටීරියා සහ පණු රෝග මර්දනය සඳහා යෝග්‍ය පරිසර හිතකාමී ක්‍රමශිල්පද ඔහු විසින් අනුගමනය කරන ලදී. ඒවා දැන කල්තියා සුදුසු පිළියම් යොදයි. මේ සඳහා ඔහුට ජේ‍යාතිෂ්‍යමය විධික්‍රම මෙන්ම ආධ්‍යාත්මික ශක්තියද යම් පමණකට උපකාරී වූ බැව් නිගමනය කළ හැකි වේ. සිංහ හා දිවිකරණයෙන් වැට පිරූ කල කෙත වටා විදුලියක් ගමන් කරන බව ඔවුන්ගේ විශ්වාසයයි. පුර පක්ෂයේ නවවක දින භූත ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනය ඉහළ යන බව ගොවියා අත්දැකීමෙන්ම දැන එදින බීජ සිටුවීම නොකරයි. අව පක්ෂයේ නවවකද එසේමය. එම කාලයේ දී පොළොවේ පුස් ගතිය වැඩි කරයි.

පළිබෝධ මඟහැරෙන පරිදි කාල කළමනාකරණය කිරීම පාරම්පරික ගොවියාගේ තවත් දස්කමකි. ඇහැළ මාසයේ ගොයම් මැස්සන් බහුල වන බැවින් ඊට පෙර හෝ පසුව පීදෙනු පිණිස වගා කිරීම එක් නිදසුනකි. එය ශ්‍රී ලංකාවේ පාරම්පරික ගොවියා සතු වගාවේ අභියෝග ජය ගන්නා උපක්‍රමශීලීි යෙදවුමක් ලෙස හැඳින්විය හැකිය. ගුණාත්මක හා ප්‍රමාණාත්මක කෘෂි සංවර්ධනයක් රට තුළ ස්ථාපිත කිරීමට නම්, සාම්ප්‍රදායික ක්‍රම ශිල්ප කෙරෙහි වත්මන් ගොවියා අවධානය යොමු කළ යුතු කාලය දැන් එළඹ ඇත.

මෙරට පාරම්පරික ගොවියා සතු කෘෂක දැනුම, නූතන විද්‍යාව හා තාක්ෂණය සමඟ බද්ධ කොට සංවර්ධනය කළ හැකි නම් අනාගතයේ අප රට මුහුණ දෙන ආහාර ප්‍රශ්නය විසඳී, ආහාර සුරක්ෂිතතාව තහවුරු වනු ඇත.

සොබාදහම් විද්‍යා ගවේෂක, දර්ශනපති

උපුල් දොඹේපොල,

බළන්ගොඩ.

0719497975