දෙපැත්තම බැලන්ස් කරගෙන ලොවම අල්ලේ නටවපු Double Agents

0
269

අපිට විශ්වාස කරන්න බැරි හැමෝම එක්කම ඉන්න දඟලන මිනිස්සුන්ට කියන දෙයක් තමයි අපෝ ඕකා දෙපැත්ත කනවා කියන එක. මේ ලියමන ටිකක් අමුතු විධියට දෙපැත්ත කාපු මිනිස්සු ගැන ලියැවුණු ලියමනක්. මේ කාපු දෙපැත්ත කෑම් ලේසි පහසු දෙපැත්ත කෑම් නෙවෙයි. මේ ක්‍රියාවන් හේතුවෙන් බරපතළ ජීවීත ගණනාවක් මෙන්ම දේපළ ප්‍රමාණයකුත් විනාස වුණා. අද අපි කතා කරන්න යන්නේ සුප්‍රසිද්ධ ද්විත්ව ඒජන්තයන් Double Agent ගැන, සාමාන්‍යයෙන් ද්විත්ව ඒජන්තයන්ගේ ඉතිහාසය පුරාණ චීනය දක්වාම දිවයන්නක්. දෙවන ලෝක යුද්ධයත් සමඟ මේ වෘත්තිය ඉතා ප්‍රසිද්ධියට පත්වෙලා තිබෙනවා. CIA එකෙන් අදටත් මොවුන් බොහෝ ප්‍රමාණයක් තම දූත මෙහෙවරෙහි යොදවා ඇති බවත් සොයාගෙන තිබෙනවා. එදිරිවාදිකම් පිරිල තිබෙන සෑම තැනකම වගේ මේ ද්විත්ව නියෝජිතයන් සිටිනවා.

මෙම එදිරිවාදිකම් ආයතන ආයතන අතර හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර හෝ රටවල් හෝ ශිෂ්ටාචාර අතර අතීතයේ පටන් පැවතුණා. පසුකාලීනව මේ කියන ද්විත්ව නියෝජිතයො වීරයන් බවට පත්වුණ අවස්ථා පවා තිබුණා. ඒ වගේම ඔවුන් ඉතා නරකම වර්ගයේ ද්‍රෝහීන් බවට පත්වුණ අවස්ථා පවා තිබුණා. වෙනත් ඕනෑම රැකියාවක් සමඟ සසඳා බලනකොට ද්විත්ව නියෝජිතයන් වඩාත් භයානක තත්ත්වයන් තුළ තම කාර්යභාරය සිදු කරන පිරිසක්. මෙම අනතුර නිසාම ඔවුන් මෙම රැකියාව සඳහා ඉහළ වැටුපක් ලබනවා. නමුත් සෑම ද්විත්ව නියෝජිතයෙක්ම මුදල් පස්සෙ හඹා යන්නෙත් නැහැ. මේ ද්විත්ව නියෝජිතයන් බොහෝ දෙනෙක් තම රටට ඇති ආදරය හෝ මතවාදී හේතු මත මේ දේවල් කරලා තිබෙන බවත් පසුකාලීනව දැනගන්න ලැබිලත් තිබෙනවා.

ද්විත්ව නියෝජිතයෙක්ගේ චරිතය කෙතරම් උදේ‍යා්ගිමත්ද කියන එක බොහෝ සාහිත්‍ය කෘතිවල ලියවී තිබෙන දේවල් කියවන අපිට දැක බලා ගන්න පුළුවන්. කෙසේ වෙතත් සාහිත්‍යයේ දී මුදල මතම පිහිටලා කිසිම චරිතයක් මෙහෙයවන්නේ නැහැ. ලේඛකයා මේක දේශපාලනය, සමාජ විද්‍යාව, ආර්ථිකය වගේ දේවල් සමඟ ගොඩනඟනවා. ඒ වගේම ත්‍රාසජනක දේවල් සමඟ තිබෙන ආශාවත් ද්විත්ව ඒජන්තයෙක් බිහිවෙන්න බලපානවා. ජෝර්ජ් ආර්.ආර්. මාර්ටින්ගේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් එහෙමත් නැත්නම් සෝන්ග් ඔෆ් අයිස් ඇන්ඩ් ෆයර් කතා මාලාවෙහි එන ලෝඩ් වාරිස් මොහු හැඳින්වෙන්නේ හීන් හඩීන් කොඳුරන්නන්ගේ මාස්ටර්වරයා ලෙසයි.

කියන්නෙත් ද්විත්ව ඒජන්තවරයෙක්. නූතන සාහිත්‍යයේ වඩාත්ම කැපීපෙනන දීප්තිමත්ම ද්විත්ව නියෝජිත චරිතයක් වන්නේ හැරී පොටර් කතා මාලාවේ සෙවෙරස් ස්නේප්. මේකට කවුරුත් මාත් එක්ක උරණ වෙන්නෙ නෑ කියල හිතනවා. ජේ.කේ රෝලින් හැරී පෝටර් කතා මාලාවේදී පරිපූර්ණ ද්විත්ව නියෝජිතයෙක් නිර්මාණය කරලා තිබෙන්නේ අපි කාටත් නොදැනෙන්න. අපි කවුරුත් පොඩි කාලේ ඉඳන්ම හුරුවුණේ ස්නේප්ව නරක අ¾දුරු මායාවන්ට කැපවුණු නපුරු පුද්ගලයෙක් විධියට හංවඩු ගහන්න. ඔහු හුදෙකලාව වෙසෙන යම් බරපතළ මායාකර්මයක් සඳහා කැපවී සිටින ඉතා කපටි සංකීර්ණ පුද්ගලයෙක් කියලා තමයි අපි අවසානය ළඟා වනතෙක්මම හිතන්නේ. නමුත් අන් සියල්ලන්ට වඩා ඔහුට නියමිත කාර්යභාරය අකුරටම ඉටු කරපු දීප්තිමත් පුද්ගලයා ස්නේප් කියල අපිට කියන්න පුළුවන්. අපි බලමු ලෝකයේ සිටි සුප්‍රසිද්ධ ද්විත්ව ඒජන්තයෝ කවුද කියලා.

ඩුෂාන් පොපෝව් – (Dusan Popov)

දෙවැනි ලෝක යුද්ධ වාතාවරණය හමුවේ වසර පහක් පුරා ඔත්තු බැලූ ද්විත්ව ඒජන්තවරයෙක් වූ පොපොව් කිසිදා තම සතුරන්ට හසු නොවූ පුද්ගලයෙක් වුණා. ඩුෂාන් පොපොව් “ට්‍රයිසිකල්” යන කේත නාමයකින් එනම් රහස්‍ය නාමයකින් හ¾දුන්වා තිබෙනවා. සැබෑ ලෝකයේ ජේම්ස් බොන්ඩ් ලෙස හැඳින් වූයේද පොපෝව්වයි. ඔහු ඉතා කඩවසම් පුද්ගලයෙකි. ඔහු යුගෝස්ලාවියාවේ සාර්ථක නීතිඥයෙක්ද වුණා. එමෙන්ම පොපෝව් කාන්තාවන් අතර ජනප්‍රිය පුද්ගලයෙක් වූ බවත් කියනවා. ඔහු බොහීමියානු පෙම්වතෙක් ලෙසද හැඳින්වුවා. මේ ප්‍රේමවන්තියන් ඔහුට ආදරය කළා සේම ඔහුද  ඔවුනට පෙරළා ආදරය කොට තිබෙනවා. ඔහු ඉයන් ෆ්ලෙමින් කියන කතුවරයාගේ මිතුරෙක්. එසේම ජේම්ස් බොන්ඩ් සිනමාපට නිර්මාණය වීමට ඔහුගේ ජීවිත කතාව බලපා ඇති බවත් කියවෙනවා.

චතුර ලෙස ජර්මානු භාෂාව කතා කළ පොපෝව්‍ට බොහෝ ජර්මානු මිතුරන් සිටියත් ඔහු රහසිගතව හිට්ලර්ට වෛර කළ බව සඳහන් වෙනවා. ජර්මානු ආරක්ෂක අංශ ඔවුන් සඳහා ද්විත්ව නියෝජිතයෙක් වීමට පොපෝව් වෙත ඇරයුම් කර තිබෙනවා. පොපොව් වහාම MI6 රහස්‍ය අංශය අමතා මේ ගැන කියා තිබෙනවා. මින් පසුව බි්‍රතාන්‍ය බුද්ධි අංශ ඔහුව විශ්වාස නොකළ නමුත් ඔහු ඇමතූ ජර්මානු නිලධාරියාගේ ජොහාන් ජෙබ්සන් නම ඔවුන්ට පැවසූ විට ඔහු ඔවුන්ගේ විශ්වාසය තහවුරු කරගෙන තිබෙනවා. මන්ද මේ ජර්මානු නිලධාරියා MI6 හි සේවය කරන ද්විත්ව නියෝජිතයෙක් වූ බැවිනි. බි්‍රතාන්‍යයන් ඔහුට ප්‍රවේශමෙන් සකස් කළ රහස් තොරතුරු ලබා දීමට පටන් ගන්නෙ ඊට පසුවයි. 

පොපොව් අදෘශ්‍යමාන තීන්ත මයික්‍රොඩොට් කේත රැහැන් රහිත වෙනත් විවිධ ශිල්පීය ක්‍රම හරහා තමන්ගේ සන්නිවේදනය කාර්ය සිදු කරලා තිබෙනවා. ජර්මානුවන් ඔහුගේ හසුරුවන්නා වූ ජෙබ්සන් කූට පුද්ගලයෙක් යැයි නීතියේ රැහැනට අල්ලා ගත් විට පවා පොපොව් දිගටම තම වැඩ කටයුතු නොකඩවා සිදු කළ බව කියවෙනවා.

1941දී ජර්මානුවන් පොපෙව්ව එක්සත් ජනපදයට යවා තිබෙනවා. ඔවුන් ඔහුට එක්සත් ජනපද ආරක්ෂක පද්ධති ගැන පිටු තුනක ප්‍රශ්නාවලියක්ද ලබා දුන් බව කියවෙනවා. ඒ සියලු ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම ඔහුගේ මෙහෙවර වී තිබෙනවා. එම පිටු තුනෙන් එක් සම්පූර්ණ පිටුවක් පර්ල් වරායේ ආරක්ෂක පද්ධති පිළිබඳ සවිස්තරාත්මක ප්‍රශ්නවලින් සමන්විත වෙලා තිබෙනවා පොපෝව් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ තමා FBI ප්‍රධානී J Edgar Hoover අමතා හවායි දූපත කෙරෙහි ජර්මානු උනන්දුව ගැන ඔහුට දැනුම් දුන් නමුත් හූවර් එය ඔහුගේ ඉහළ නිලධාරීන්ට වාර්තා නොකළ බවයි. මන්ද? එය තවමත් අබිරහසක් වූ නිසාවෙන් බවයි. ඇතැම් විට ජර්මානු භාෂාවෙන් කතා කරන මේ යුගොස්ලාවියාවේ කඩවසම් පුද්ගලයා එසේ මෙසේ ද්විත්ව ඒජන්තයෙක් නොවේ. ලෝකය තම අල්ලේ තබා සෙලවූ පුද්ගලයෙකි.

මාතා හාරී – Mata Hari

මාගරීටා ග්‍රීට්‍රියුඩා සෙල්ලේ යනු මාතාහාරීගේ සැබෑ නාමයයි. ඇය උපත ලබන්නෙ 1876 අගෝස්තු 15දා. ඇය ලෝක ප්‍රසිද්ධ නාට්‍යාංගනාවකි. පාවුලෝ කොයියෝ අති මෑතක ලියපු ඊඩඥ ඉනර නවකතාව කියන්නෙ මාතා ගැන ලියවුණු බරපතල විස්තර ඇතුළත් වුණු පොතක්. පසුකාලීනව අෑ ලැබූ මේ ප්‍රසිද්ධිය නිසාම ඇයගේ වෘත්තීය ගමනට මෙන්ම ජීවන අන්දරයටත් කණකොකා හඬනවා. බොහෝවුන් ඇය ද්විත්ව ඒජන්තවරියක් යැයි හංවඩු ගසනවා. පළමු ලෝක යුද්ධයේ දී නෙදර්ලන්තය කිසිදු පාර්ශ්වයක් නොගත් රටක් ලෙස සිට තිබෙනවා. නෙදර්ලන්ත අනන්‍යතාවයක් සහිතව මාගරීටා සෙල්ලේ නමින් ඇය ඉතා පහසුවෙන් ජාතික දේශසීමාවන් තරණය කරනවා.

යුද කලාප මඟ හැරීම සඳහා ඇය ප්‍රංශය හා නෙදර්ලන්තය අතර ගමන් කළේ ස්පාඤ්ඤය හා මහා බි්‍රතාන්‍යය හරහාය. ඇගේ මෙම ගමන් බිමන් බි්‍රතාන්‍යයේ අවධානයට ලක්වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස බ්‍රිතාන්‍යය හමුදා ඇය අත්අඩංගවට ගෙන දැඩි ලෙස ප්‍රශ්න කිරීම්වලට බඳුන් කරනවා. ඇය ප්‍රංශය වෙනුවෙන් ඔත්තු බැලූ බවට චෝදනා එල්ලවෙන්නේ. මේ අවස්ථාවේදී සිර අඩස්සියේ රඳවාගෙන සිටි ඇය පසුව නිදහස් කර තිබුණා මෙම සිද්ධිය පිළිබඳ තවමත් නොවිසඳුණු ගැටලුවක් වන්නේ ඇය මේ අවස්ථාවේදී අසත්‍යයක් ප්‍රකාශ කළේද නැතහොත් ප්‍රංශ බලධාරීන් සැබැවින්ම ඇයව ඔත්තු සේවය සඳහා යොදාගත්තේ ද යන්නය. 

1917දී මැඩ්රිඩ්හි පිහිටි ජර්මානු හමුදා කණ්ඩයක් මඟින් බර්ලිනයට සිය හමුදා ඔත්තුකරුවෙක් පිළිබඳ කේත මඟින් පණිවුඩ යවනවා. එම කේත නාමය වූයේ H 21 යන්නයි. ප්‍රංශ බුද්ධි අංශ මඟින් මෙය විකේතනය කළ අතර එහිදී ඔවුන් හ¾දුනාගත්තේ H 21 යනු අන් කිසිවක් නොව මාතා හාරි බවය. ජර්මානුවන් මෙම පණිවුඩය සම්ප්‍රේෂණය කළේ ප්‍රංශය විසින් මෙය විකතේනය කරනා බැව් හොඳාකාරවම දැනගෙන බැව්ද ඇතැම් තොරතුරුවලින් හෙළිවෙනවා. සැබැවින්ම මෙය විකේතනය කොට තිබුණේද ප්‍රංශය මඟින් නොව බි්‍රතාන්‍ය බුද්ධි අංශය මඟිනි. 1917 පෙබරවාරි 13 වැනිදා පැරීසියේ එලිසේ පැලස් හෝටලයේ සිය කුටියේ සිටියදී මාතා හාරි අත්අඩංගුවට ගන්නවා. ජූලි 24 වැනිදා නඩු විභාගයකට ඇයව බ¾දුන් කළ අතර ජර්මනියට පක්ෂපාතීව ඔත්තු බැලූ බවටත් එහි ප්‍රතිඵලයක් ලෙස හමුදා සෙබළුන් 50000කගේ මරණය සිදුවූ බවටක් චෝදනා එල්ලවෙනවා. ප්‍රංශයත් මහා බි්‍රතාන්‍යයත් ඇයට එරෙහිව මෙම චෝදනා එල්ල කළද ඇයට එරෙහිව පැහැදිලි හා ප්‍රබල සාක්ෂි එකතු කරගන්නට ඔවුනට නොහැකි වෙනවා. පසුව සොයා ගත් එක් සාක්ෂියක් වූයේ ඇගේ කුටියේ තිබූ රහස් තීන්ත වර්ගයකි.

එවැනි තීන්ත වර්ගයක් ළඟ තබා ගැනීම එම සමයේදී චෝදනාවකට හසුකර ගන්නට ප්‍රමාණවත් කාරණයක් විය. ඇය පැවසූයේ එය සිය රූපලාවණ්‍ය උපකරණවල අයත් වූවක් බවයි. ඇය පැරීසියේ සිටි ලන්දේසි කොන්සල්වරයාට ලිපි කිහිපයක්ම යවනවා. ඇය එම සෑම ලිපියකම සඳහන් කළේ තමා අහිංසක කාන්තාවක් පමණක් බවයි. ඇය 41 වැනි වියට එළැඹෙත්ම 1917 ඔක්තෝබර් 15 වැනිදා වෙඩි තබා මරා දමනවා. කෙසේමුත් 1970 දශකයේදී ප්‍රසිද්ධියට පත්කරන ලද ජර්මානු ලියකියවිලි කිහිපයකින් හෙළිවූයේ මාතා හාරි යනු සැබවින්ම ජර්මානු ඔත්තුකාරියක් බවයි. ඇයට ලබාදී තිබූ කේතය H 21 බවද ඒවායේ තිබෙනවා 1916 දී ප්‍රංශයට හමුවූ බෙල්ජියානු ජාතික ඔත්තුකරුවන් හය දෙනෙකුගෙන් පස්දෙනෙක්ම පවසා සිටියේ මාතා හාරි ජර්මනිය වෙනුවෙන් ඔත්තු බැලූ බවය. නමුත් එක් ඔත්තුකරුවෙක් පැවසූයේ ඇය ජර්මනිය හා ප්‍රංශය යන රටවල් දෙක සඳහාම ඔත්තු බැලීම් සිදු කළ බවයි.

හුමාම් කලීල් අල් බලාවි  Dr Humam Khalil Al-Balawi

ඔබේ මිතුරන් යැයි කියා ගන්නා සෑම කෙනෙක්ම ඇත්ත වශයෙන්ම ඔබේ මිතුරන් නොවන බව සිතන්න පොලඹවන හොඳ සිද්ධියක් තමයි අපි කතාකරන්න යන්නේ. CIA එක මෙම පාඩම ඉගෙන ගත්තේ ඉතා දුෂ්කර මාර්ගයකින්. Humam al-Balawi තුර්කියේ ඉස්තාන්බුල්හි වෛද්‍ය විද්‍යාව හදාරමින් සිටියදී ප්‍රාදේශීය බුද්ධි ආයතනයක් ඔහු අන්තවාදීන් වෙත නැඹුරු වී සිටින බව සොයා ගෙන තිබෙනවා. ඔහු අල්ලා ගත් පසු CIA එක ඔහුව භාරගෙන ප්‍රශ්නකර තිබෙනවා. මේ වෙලාවේදී CIA එක බලාවිට ද්විත්ව නියෝජිතයෙක් වීමට අවස්ථාවක් ලබා දෙන්න තීරණය කරනවා. CIA සංවිධානය ද්විත්ව නියෝජිතයන් නිර්මාණය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න ගොඩ කාලෙක ඉඳන් Humam al-Balawi පරමාදර්ශී අපේක්ෂකයෙක් කියන එක CIA එකට පේන්න ගන්නවා. ඔහු උගත් මිනිසෙක් ඒවගේම වෛද්‍යවරයෙක්. ඔහු නූතන මධ්‍යස්ථ චින්තනයට අනුවර්තනය වීමට වැඩි ඉඩක් ඇති බවත් CIA එකට තේරෙනවා. අල්-බලාවි ඇෆ්ගනිස්ථානයට යැවීමෙන් අනතුරුව අල්-කයිඩාවරුන්ගේ ක්‍රියාකාරකම් වාර්තා කරන්න කියා, අල්-බලාවිට පවරනවා. ඔහු CIA හි විශ්වාසය දිනා ගැනීමට එතරම් කාලයක් ගත වුණේ නැහැ. නමුත් අවසානෙදි බලාවි බෝම්බයක් පුපුරවා ගනිමින් CIA කාර්යාලයේ 25 දෙනෙක් මරු තුරුලට යවලා තමයි ස්වර්ගස්ත වුණේ.

යුවාන් ගාර්සියා – Juan Pujol Garcia

නාසි සහ බි්‍රතාන්‍ය යන දෙඅංශයෙන්ම ඉහළම නිලධාරීන් සඳහා දෙන සිවිල් හමුදා සම්මාන ලැබූ එකම පුද්ගලයා වෙන කවුරුත් නෙමෙයි යුවාන් ගාර්සියා. ඔහු ඉතිහාසයේ වඩාත්ම ජනප්‍රිය ඔත්තුකරුවෙකි. “Garbo” යනු ඔහුගේ සංකේත නාමයයි. ස්පාඤ්ඤ ජාතිකයෙක්ව ජීවිතය ගෙවූ ඔහු වයස අවුරුදු 32 වන තෙක්ම අසාර්ථක පුද්ගලයෙක් වුණා. ඔහුගේ අධ්‍යාපනය ව්‍යාපාර සහ විවාහය පවා මේ කාලෙදී බිඳ වැටුණා. එහෙත් කවදා හරි දවසක යුද්ධයේ සමස්ත දර්ශනයම වෙනස් කළ හැකි දක්ෂතාවක් ඔහුට ඇති බව ඔහු දැන සිටියා.

කෙසේ වෙතත් ඔහුගේ මවු රට වන ස්පාඤ්ඤය යුද්ධයේදී මධ්‍යස්ථව සිටීමට තීරණය කර තිබූ නිසා ඔහුට බි්‍රතාන්‍ය හෝ එක්සත් ජනපදයෙන් උපකාර අවශ්‍ය වුණා. ඔහු MI5 සහ එක්සත් ජනපද බුද්ධි අංශ සම්බන්ධ කර ගන්නේ. මේ කාලේදී. මේ බුද්ධි අංශ දෙකම ඔහුගේ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් සිතුවේ කුකුළු ගොවිපළක්වත් කිරීමට අසමත් වූ පුද්ගලයෙක් යුද සමයේදී හුවමාරු වන හමුදා රහස් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කෙසේද යන්නයි. මේ ප්‍රතික්ෂේප කිරීමෙන් පසුබට නොවූ ගාර්සියා ජර්මානුවන් වෙත හැරී ඔහු ෆැසිස්ට් රජයට සැබෑ පක්ෂපාතීත්වය දක්වන්නෙක් බව ඒත්තු ගන්වනවා. ඔවුන් ඔහුව විශ්වාස කරන්න ගන්නවා පසුව ජර්මානුවන් ඔහු ලන්ඩනයට යවනවා.

ගාර්සියාට ලන්ඩනයට යෑමට කිසිදු හැකියාවක් තිබුණෙ නෑ. අඩුම තරමින් ඔහුට ඉංග්‍රීසි කතා කිරීමටවත් හැකියාවක් තිබුණෙ නැහැ. ඉතින් ඔහු කළේ පෘතුගාලයේ ලිස්බන් වෙත යෑමයි. ගාර්සියා බිග් බෙන් සහ අනෙකුත් සුප්‍රසිද්ධ ලන්ඩන් බිම් සලකුණුවල තැපැල්පත් එකතු කර ජර්මනියට යවනවා. ඔහු ගුවන් විදුලි ප්‍රවෘත්ති සහ පුවත්පත්වලින් උපකාර ඇතිව ඔත්තු බැලීමේ වාර්තා යැවීමට පටන් ගන්නවා. ඔහු ලන්ඩනයේ කාලගුණය ගැනද පැමිණිලි කරමින් ජර්මානු බුද්ධි අංශයට තමා විඳින දුක කියනවා. ජර්මනිය මේකට රැවටෙනවා. ගාර්සියා මේ කාලේදී කිසි දිනක නොසිටි රට සහ ඔහු කතා නොකළ භාෂාව පිළිබඳව හොඳින් අධ්‍යයනය කරනවා. එහිදී ඔහු ඔත්තු බලා නාසීන් සඳහා තොරතුරු රැස් කරනවා. ඔහු දිගින් දිගටම ප්‍රවෘත්තිවලට ඇහුම්කන් දෙමින් සිතියම් සංචාරක සටහන් සහ පුවත්පත්  ඔහුට අතට ගත හැකි වෙනත් ඕනෑම දේවල් ගැන අධ්‍යයනය කරමින් ලන්ඩනය ගැන විස්තර ජර්මනියට දන්වනවා.

1944 ජුනි වනවිට ගාර්සියා එක්සත් රාජධානියේ විශාලතම වත්කම්වලින් එකක් බවට පත් වෙනවා. ඩීඩේ ප්‍රදේශයට ගොඩ බැස්ස දහස් ගණන් සොල්දාදුවන් බේරා ගත්තේ ගාර්සියාගේ ක්‍රියාවක් නිසා. ඔහුගේ ඔත්තු ඒ තරම් ප්‍රබල වුණා. නෝර්මන්ඩි ආක්‍රමණය රැවටීමක් පමණක් බවත් රක්ෂිත ජර්මානු යුද ටැංකි බෙදීම් බෙල්ජියමේ පැවතිය යුතු බවත් ඔහු හිට්ලර්ට සවිස්තරාත්මක විදුලි පණිවුඩ මඟින් යවනවා. එම ජර්මානු යුද ටැංකි ඒ වනවිටත් නෝමැන්ඩි වෙත ළඟා වීමට පාරේ තිබූ අතර ඒවා තිබූ තැනම සිටිය යුතු බවට නියෝග ලැබෙන්නෙ මේ නිසා. එවැනි විදුලි පණිවුඩ මඟින් ඔහුගේ සැබෑ අනන්‍යතාව සහ චේතනාවන් හෙළිදරව් වෙන්නට ඇති බවත් ජර්මානුවන් ඔහුව දඩයම් කර මරා දැමුවායැයි දැන් ඔබට සිතෙන්නෙ පුළුවන්.

නැහැ ඒ වෙනුවට ඔවුන් ඔහුගේ නිර්භීත සේවය වෙනුවෙන් ඔහුට යකඩ කුරිස පදක්කම පිරිනමනවා. මෙය සිදු වූයේ 1944 ජූලි මාසයේදී ඩී-ඩේ සිදුවීමට මාසයකට පසුවයි. මිත්‍ර හමුදා විසින් ගන්නා ලද රැවටිලිකාර ක්‍රියාමාර්ගවලට ස්තූතිවන්ත වෙමින් ජර්මානුවන් රවටා ගැනීමට ගාර්සියා සමත් වෙනවා. බි්‍රතාන්‍ය සහ එක්සත් ජනපදය යුද ටැංකි ගුවන් හමුදාව සහ සියලුම උපකරණ සහිත මිනිසුන් 150,000කින් සමන්විත සේනාංක 11ක් එංගලන්තයේ දකුණට යැව්වා. මේ හේතුවෙන් ජීවිත දහස් ගණනක් මරණින් ගැලවුණා. අවසානයේදී ජර්මනියෙන් සහ බි්‍රතාන්‍යයෙන් ඉහළම සිවිල් හමුදා සම්මාන ලැබූ ඉතිහාසයේ එකම පුද්ගලයා යුවාන් ගාර්සියා වෙනවා

ගිහාන් සචින්ත